spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ප්‍රහසන ශිල්පිනි නතාෂා රිමාන්ඩ් !

Must read

messenger sharing button
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන අංශය විසින් අද (28)
අලුයම අත්අඩංගුවට ගනු ලැබූ නතාෂා එදිරිසූරිය නමැති ප්‍රහසන ශිල්පිනිය අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි 07 දක්වා රක්ෂීත බන්ධනාගාර ගතකර තිබේ.

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහට ලක්වූ නතාෂා එදිරිසූරිය,  අද (මැයි 28 වැනිදා) අළුයම සිංගප්පුරුව බලා පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළේදී රැඳී සිටියදී අත්අඩංගුවට පත්විය.

මෙම ශිල්පිනිය අත්අඩංගුවට ගැනුණේ දේවගැති ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් ද මෙවැනිම චෝදනාවක් සම්බන්ධයෙන් CID විමර්ශනයක් ක්‍රියාත්මක වන අතරවාරයේදීය.

dftgdsfgsdfg

එම ප්‍රකාශයෙන් අනතුරුව එම දේවගැතිවරයා ද සිංගප්පුරුව වෙත ගොස් තිබූ අතර ඔහු විදෙස්ගත වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගෙන තිබුණි.

ඔහු යලි දිවයිනට පැමිණෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කර තිබුණ ද මේ දක්වා ඔහු දිවයිනට පැමිණ නැත.

නාතාෂා එදිරිසුරියට එරෙහි චෝදනාව කුමක් ද ?

ප්‍රහසන ශිල්පිනියක් ලෙස කටයුතු කරන නාතාෂා එදිරිසුරිය විසින් කොළඹ දී අප්‍රේල් 01දා ‘මෝඩාභිමානය’ නමින්  පැවැත්වූ ප්‍රහසන වැඩ සටහනකදී කළ ඉදිරිපත් කිරීමක් මීට දින කිහිපයකට ඉහතදී සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.

එම ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන, ඇගයීම් මෙන්ම ආගමික හා පුජ්‍ය පක්ෂවලින් සැලකිය යුතු විරෝධතාවන්ද එල්ල වෙමින් තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ ආගමික අපහාසයක් සිදුකිරීම සම්බන්ධයෙන් ‘ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ’ බවයි.

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

සමාව ගැනීම සහ වීඩියෝව ඉවත් කිරීම

තමන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නාතාෂා එදිරිසූරිය සමාව ඉල්ලා සිටියේය. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකරමින්ය.

“කිසියම් කණ්ඩායමකගේ හෝ පුද්ගලයෙකුගේ හිත රිදීමක් සිදුවූවා නම් බොහොම නිහතමානීව සමාව ඉල්ලනවා. මගේ යුටියුබ් චැනල් එකෙනුත් වීඩියෝව අයින් කරලා තියෙන්නේ.” ඇය එහිදී ප්‍රකාශ කර සිටියාය.

 

දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි පූජ්‍ය පක්ෂයෙන් ඉල්ලීම්

මෑත කාලයේ සිට බුදු දහමට අපහාස කිරීම දිනෙන් දින වැඩිවෙමින් පවතින බවත්, සිංහල බෞද්ධ රටක් ලෙස හඳුන්වන බහුතර බෞද්ධ ජනතාවක් ජීවත්වන මේ රටේ ‘මෑතක සිට සහජීවනය නමින් ඉදිරියට පැමිණෙමින් බුදු දහමට සහ භික්ෂුන්වහන්සේලාට අපහාස කිරීම ආරම්භ කොට ඇති බවත්’ පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් අස්ගිරි මහා විහාර පාර්ශවයේ පුත්තලම මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පුජ්‍ය මීගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියන් ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ.

‘මෙලෙස බුදුදහමට අපහාස කරන්නන්ට විරුද්ධව සමාජ මාධ්‍ය තුළ ඊට විරෝධයක් පැමිණියහොත් ඒ තුළින් සමාව ගැනීමට ද එය වැරදීමකින් සිදුවුණ සිදුවීමක් ලෙස සමාව ඇයද සිටිමින් මේ සියල්ල යටගැසීමේ ප්‍රවණතාවක් ගොඩනැගෙමින් පවතින බවද’ නාහිමියන් පෙන්වා දී ඇත.

නතාෂා එදිරිසුරිය අදාළ ප්‍රහසන වැඩසහන අතරතුර කළ ඉදිරිපත් කිරීම උපුටා දක්වමින් පුජ්‍ය මීගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියන් විසින් පොලිස්පතිවරයා ගෙන් ඉල්ලා ඇත්තේ ඇයට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආගමික හා සංහිඳියා පනත (ICCPR) යටතේ ගතහැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

එමෙන්ම ‘ඇය කඩිනමින් අත්ඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා ඇයට ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදී බුදුදහමට කරනු ලබන අපහාසයන් නැවැත්වීමට කටයුතු කරන ලෙස’ ද පොලිස්පතිවරයා වෙත යොමු කළ එම ලිපියෙන් උන්වහන්සේ ඉල්ලා ඇත.

xfgdrtxdgw4e5දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි පූජ්‍ය පක්ෂයෙන් ඉල්ලීම්

 

‘ආගමික වෛරය පැතිරවීමක් එම ප්‍රකාශ තුළ නැහැ’

නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ පෙන්වා දෙන්නේ තම නිරීක්ෂණයට අනුව නතාෂාගේ ස්ටෑන්ඩප් කොමඩි වීඩියෝවේ අන්තර්ගතය තුළ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත යටතේ වරදක් ලෙස ගැනෙන ප්‍රකාශයක් ඇතුළත් නොවන බවය. ඔහු ඊට හේතු ලෙස පෙන්වා දෙන්නේ, ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය පැතිරවීමක් එම ප්‍රකාශ තුළ අන්තර්ගත නොවන බවය.

ඔහු පෙන්වා දෙන්නේ “බෞද්ධ සාහිත්‍යයේ සදහන් වන සිදුවීමක් නතාෂා හාස්‍යට ලක් කරයි. එකී හාස්‍යයට එරෙහි වන ඇතැම් අය නතාෂා කෙරෙහි පතුරවන වෛරය නතාෂාගේ ප්‍රකාශයට වඩා බරපතල බවක්” පෙනී යන්නේ යැයිද ජයන්ත දෙහිඅත්තගේ ෆෙස්බුක් සටහනක් තබමින් සඳහන් කර තිබේ.

“බුදුන්වහන්සේට අපහාස උපහාස කළ කිසිවකු හට රාජ නීතිය ක්‍රියාත්මක කළ බවක් මා අසා නැත. ඔවුන් සම්බන්ධයෙන් ද්වේශයෙන් කටයුතු කළ බවක්ද මා අසා නැත.” ඔහු වැඩිදුරටත් එහි සඳහන් කොට ඇත.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ විමසීමකදී නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ මෙසේ සඳහන් කර ඇත.

“බහු ආගමික රටක, අපේ රටේ විතරක් නෙමේ, කොයි රටෙත් එහෙමයි, ආගමික සහ විශ්වාස සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තර්ක බුද්ධියට වඩා ඒගොල්ලන්ගේ විශ්වාස මත එළඹගෙන තමා ඉන්නේ, කෙනෙක්ගේ ආගමික විශ්වාසයක් හරි ආගමික ඇදහිල්ලක් හරි අපිට තර්ක කරලා ඒක හරිද වැරදිද කියලා ඔප්පු කරන්න අමාරු තත්ත්වයක තියෙන්නේ. ලංකාවට අදාළවත් ඒක එහෙමයි. ඕනෑම කෙනෙකුට කැමති ආගමක්, කැමති ඇදහිල්ලක්, කැමති විශ්වාසයක් දරන්න පුළුවන් කියලා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි ව්‍යවස්ථාවෙන් අපි පිළිඅරගෙන තියෙනවා. එහෙම තියෙද්දි අපි පුද්ගලයෝ විදිහට කටයුතු කරද්දි හැමෝටම වගකීමක් තියෙනවා අනිත් අයගේ ආගමික විශ්වාස සහ ඇදහිලි. ඒවා බැළු බැල්මට සත්‍ය නොවන බවට පේන්න පුළුවන්. එහෙම වුනත් ඒවා ගැන කතා කරද්දි ඒ ඇදහිල්ල හරි ආගම හරි දරන අයගේ විශ්වාස වලට හැඟීම්වලට වෙන්න පුලුවන් බලපෑම ගැනත් අවබෝධයෙන් තමා අපි කටයුතු කරන්න ඕනේ. අපි පුද්ගලයෝ විදිහට අපිට තියෙන වගකීමක්. හැබැයි මම කියන්නේ යම් කෙනෙක් කරන එහෙම ප්‍රකාශ පදනම් කරගෙන ඒවගෙන් කිසිම වෛරය, ප්‍රචණ්ඩත්වය පැතිරීමක් වෙන්නේ නැතිනම්. ඒ අයව අත්අඩංගුවට අරගෙන, රිමාන්ඩ් බන්ධනාගාරගත කරන එක හරි, හිරේ දාන එක හරි සම්බන්ධයෙන් මගේ එකඟතාවක් නැහැ. නමුත් අපි හැමෝටම සමාජ වගකීමක් තියෙනවා ඒ ආගමික හැඟීම් තේරුම් අරගෙන කටයුතු කරන්න.” යනුවෙනි.

ආගමික නිදහසට නව පනතක් !

මේ අතර බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක පවසන්නේ, ආගමික නිදහස සහ කරුණු විකෘති කිරීම පිළිබඳව නව පනතක් ගෙනඒමට ඉදිරියේ දී කටයුතු කරන බවයි.

ආගම්වලට අපහස වන ආකාරයේ ප්‍රකාශ සිදුකරන පුද්ගලයින් පිළිබඳව පොලීසිය එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඇමතිවරයා පැවසිය.

පසුගිය දා බුදුදහමට අපහස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ නතාෂා එදිරිසුරිය අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලැබුවේ බුද්ධ ශාසන අමාත්‍යංශයේ සෘජු මැදිහත්වීමෙන් බවද විදුර වික්‍රමනායක අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මෙසේද පැවසිය.

“මේ සිදුවීගෙන යන ක්‍රියාවන් සම්බන්ධව, මේවා වැළැක්වීමට පොලීසිය හා සම්බන්ධව අපි වැඩපිළිවෙළක් යොදාගෙන තිබෙනවා. මම දැක්කා කොහෙදී හෝ කියලා තියෙනවා බුද්ධ ශාසන අමාත්‍යාංශය නිදාගෙන ඉන්නවා කියලා. නෑ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඇහැරිලා පැය 24ම. ඒ නිසාම තමයි පැය ගණනක් ඇතුළත් මෙවැනි දේවල් අන්තර්ජාලයට මුදාහරින කොටම ඒ පිළිබඳව පියවර ගත්තේ. බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ආගමික නිදහස සහ කරුණු විකෘති කිරීම පිළිබඳව පනතක් ගෙන ඒමට පාර්ලිමේන්තුවට.”

( උපුටා ගැනීම් – BBC සිංහල සේවය සහ අද දෙරණ)

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article