spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ප්‍රැන්සිස් පාප්තුමා සහ කමල් ස්වාමිලා…..

Must read

abc_gma_harris_130909_704x396
ap_pope_francis_caught_in_rain_thg_130529_wmain
ap_pope_francis_easter_lt_130331_wmainමේ සටහන ලියන්න හිතුනේ ප්‍රැන්සිස් පාප්තුමන් මිනිස්සුන්ට දරුවන්ට දක්වන අාදරය කොතරම්ද කියල හිතෙන යු ටියුබ් ගණනාවක් බලන් ඉන්නකොට.

නමුත් පාප්තුමන්ගේ මේ මිනිස්කම අපේ ස්වාමිලා කිදෙනෙක්ට තියෙනවද ?

මේ සටහන දහමේ හරය අතහැරලා වෙළදාම ගැන වැඩියෙන් හිතන අය වෙනුවෙනුයි.
මේ සිදුවීම සිදුවුණේ රෝමයේ නොවුණත් අපේ පුංචි රෝමයේ කතෝලික පාසලක.

මීගමුවේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර කතෝලික පාසැලක් තියෙනවා සෙන්ට් නික්ලස්  කියලා.
මේ පාසැලට මීට වසර 9 කට විතර කලින් දරුවෙක්ව භාර දෙනවා.
2013 වසරේ දවසක මේ දරුවාගේ විණය පිළිබදව ගැටළු තියෙනවා කියල ඒ දරුවා බලාගන්න අයට එන්න කියල පාසැලෙන් දැනුම් දිමක් කරනවා.
පාසැල පැත්තෙන් කියවුනේ අකිකරු දරුවෝ තියාගෙන අනෙක් දරුවන් ගැන අවධානමක් ගන්න තමන් ට බැ කියලයි.
බලන් ගියාම ඒ දරුවට විරුද්ධව තිබුන අකිකරු කම් මහ බරපතල ඒවාත් නෙමේ.
අන්නිමට ටික  කාලෙකට මේ දරුවාගේ ඉස්කෝලේ නවත්වනවා.
මේ අතරේ මේ පාසැලේ හිටපු ගිහි විදුහල්පතිව අස්කරනවා. ඒ තනතුර  මීගමුවේ ලොයලා විදුහලේ සිටි කමල් කියල ස්වාමි කෙනෙක්ට පැවරෙනවා.
දරුවාගේ ප්‍රශ්ණෙ ගැන වඩාත් මානුෂිකව බලලා මේ දරුවව අපි කොහොම හරි හදාගන්න මහන්සි ගමු කියල අනේ මේ කමල් ස්වාමි කියයි කියල හිතුවත් කමල් පියතුමාෙග් තින්දුව වුනේ මේ දරුවාව කවුන්සලින් යවන්න ඕනේ කියන එකයි.  එතකන් මුකුත්ම කරන්න බැ කියල ස්වාමි කිව්වා.. ඒ වගේම කමල් ස්වාමිත් කිව්වා මේ දරුවට වඩා එයාට ඉස්කොෙල් ඉන්න අනික් ලමයි ගැන බලන්න ඕනේ කියල.
අකිකරු පුත්‍රයාගේ කථාව ගැන කමල් පියතුමාට මතක් කරල දුන්නත් වැඩක් වුනේ නැ.

පස්සේ මේ දරුවව කමල් පියතුමාගේ ඉල්ලීම මත ජා ඇල පැත්තේ තවත් ස්වාමි කෙනෙක් ලගට යවනවා. හැම ඉරිදාවකම මේ දරුවා ඒ ස්වාමි ලගට ගියා.මේ දරුවාගේ එකම බලාපොරොත්තුව වුනේ කව්න්සලින් කරල පියතුමාගේ මැදිහත්විමත් එක්කම ආයෙමත් පරණ ඉස්කොලේ ඉදන්ම අධ්‍යාපනය කරගෙන යන්න.
ඉතින් දරුවාගේ තත්වය ගැන කමල් පියතුමාට දැනුම් දුන්නා. ඒත් කමල් පියතුමා කිව්වේ තමන් ජා ඇල පියතුමාගෙන් අහල තමයි තත්වෙ ගැන තින්දු ගන්න වෙන්නේ කියල..
නමුත් කමල් පියතුමාට මේ දරුව වෙනුවෙන් ජා ඇල පියතුමාට එකම දවසක්වත් ටෙලිපෝන් එකෙන් කථාකරන්න බැරිවෙනවා. ස්වාමි අම්බානක බිසි හින්ද වෙන්න ඇති.
ඒත්  හැබැයි ප්‍රැන්සිස් පාප්වහන්සේ තරම් නම් බිසි වෙන්න බෑනේ.
පැක්සිඩ් ඇන්ටනි තමයි අර ජාඇල පියතුමා. ඒයාත් දරුවට පොරොන්දු වෙනවා කමල් පියතුමාට කථා කරල ඉස්කොලේ අායෙත් යන්න හදල දෙන්නම් කියල.
නමුත් උන්නාස්සෙත් බිසි.
මේ ගැන දැනගන්න දරුවාගේ පැත්තේ අය කීප සැරයක් කථා කෙරුවේ  මේ දරුව ඉස්කොෙල් යන්නේ නැතුව මාස 2ක් විතර ගෙදර ට වෙලා ඉන්න උනාම තියන දුක බලාගෙන ඉන්නම බැරුව…
අනේ මේ ගැන ටිකක් මතක් කරන්න කියල ගත්තහම අර හැමෝටම හොද නරක කියල දෙන අපේ කවුන්සලින් ස්වාමිටත් තරහ යනවා. එයා කියනවා ඒයාට කරදර කරන්න එපා එයාට වැඩ වැඩියි කියල..
හැබැයි ප්‍රැන්සිස් පාප්වහන්සේට තරම්ම නම් නැතිව ඇති.
අන්තිමට බලන් ඉන්න ම බැරි තැන කමල් ස්වාමිව හම්බ වෙන්නේ දරුව වෙනුවෙන් අතිශය මානුෂික ඉල්ලිමක් කරන්න.
එ ් තමයි මේ දරුවව මාස 3 කට අායෙත් පාසැලට ගන්න එයා ගැන වඩාත් විමසිල්ෙලන් ඉන්න වැරද්දක් ආයෙත් කලොත් පියතුමා ගන්න ඕන තින්දුවකට අපි එකඟයි  කියල කියන්න. ඒවගේම අපිත් උපරිම උත්සහ ගන්නවා දරුවත් පොරොන්දු වෙලා තිෙයන්නේ ආයෙත් වැරදි කරන්නේ නැ කියල, ඉස්කොලෙට දාල දෙන්න තනියම පාඩම් ඉගෙන ගන්න අමාරු නිසා.
දරුවාගේ පැත්තෙන් තවත් නිශ්චිත ඉල්ලිමක් කරනවා.ඒ තමයි මේ දරුවා අධ්‍යාපනේට දුර්වල නම් එයාට වඩාත් ගැලපෙන ක්ෂෙත්‍රයක් ගැන පියතුමාත් පාසැලේ ගුරුවරුනුත් අපට උදව්වක් කරන්න දරුවාව පාසැල් අධ්‍යාපනෙන් අයින් කරගන්න  වෙනවා නම් යවන්න ඕන ක්ෂේත්‍රය මොකද්ද කියල අපට මඟපෙන්වන්න. මේ ඉල්ලිමත් කෙරුනා.
නමුත් මේ අතිශය මානුෂික ඉල්ලිම ගැන වත් සංවේදි වෙන්න කමල් පියතුමාට බැරිව යනවා.
එයා  කියපු විස්තර ඔක්කොම අස්සේ තියෙන්නේ මේ වගේ දරුවෙක්ව පාසැලට අරන් එයාගේ ප්‍රින්සිපල් කම අර්බුදේකට යවාගන්න බැ වගේ එකක්
එදාත් කමල් පියතුමාට අකිකරු පුත්‍රයාෙග්  උපමාව දරුව වෙනුවෙන් මතක් කරල දෙන්න වුනා.
ඉතින් අන්තිමට මේ දරුවාගේ අය සියළු බලාපොරොත්තු කඩකරන් හිස් අතින්ම එනවා.ටික කාලයක් ඉදල බලනවා කමල් ස්වාමි මේ දරුව ගැන හිතල යමක් කියයි කියල.ඒත් නෑ…

පස්සේ බැරිම තැන දරුවාගේ පැත්තෙ අය ස්වාමිට කියනවා අපි දරුවව පාසැලෙන් අස්කරගන්නවා කියල . ඒකට හදපත්ලෙන්ම සතුටු වුන කමල් ස්වාමි දැන් දරුවාගේ තත්වෙ ගැන කොහොමද අපිත් උදව් කරන්නම් කියල කියනවා වෙනුවට හා බදාදා එන්න අස්විම ගන්න කියල විතරමයි කිව්වේ.

ශා නිකුලස් ජාත්‍යන්තර පාසැලේ විෂය මාලාව කේම්බ්‍රිජ් කියන එක. නමුත් මේ අවට ජාත්‍යන්තර පාසැල් වල  වැඩිහරියක්ම තියෙන්නේ එඩෙක්ෂෙල් කියන විෂය මාලාව.
දැන් දරුවා අනාථයි.කේම්බ්‍රිජ් විෂය මාලාව තියෙන ලයිසියම් කියන ජාත්‍යන්තර පාසැල ඕ ලෙවල් වලට ලමයි ගන්නේ නැ කියනවා.
එහෙම ගත්තහම මේ දරුවව දාගන්න දැන් කිසිම ඉස්කෝලයක් නැ.
ලක්ෂ ගානක් වියදම් කරල ශා නික්ලස් පාසැලේ ඉගෙන ගත්ත දරුවෙක් ගැන  කතෝලික පාසැලකට මිට වඩා වගකිමක් තියෙන්න ඕනේ  නේද ?
දරුවෙක් දුර්වල වෙනව නම් ඒකට ඉස්කෝලෙත් වගකියන්න ඕනේ නේද?
දැන් මේ ඉස්කෝලවල තියෙන්නේ පැහැදිලිව වෙළදාමක්. බිස්නස් පාඩු වෙන කිසිම තින්දුවක් එයාල ගන්නේ නැ.
ඒ හින්දනේ ලෝගුවක් දාගත්ත කමල් ස්වාමි  තාත්තත් නැති අම්මත් ලග නැති දරුවෙක් ගැන කිසිම සංවේදි කමක් දක්වන්නේ නැත්තේ,මොකද එයාලා කැමති නෑ බිස්නස් අවුල් වෙනවට..

දැන් කොච්චර බිසි වුනත් ප්‍රැන්සිස් පාප්තුමන්ගේ සංවේදිකමට ඒක බාධාවක් වුනේ නැ මෙන්න මේ කථාව කියවල බලන්නකො….
කමල් ස්වාමිල වගේ අය තමන්ගේ දහමේ හරය කොයිතරම් නම් අත්හැරලද කියල තේරුම් ගන්න මේක උදව්වක් වෙයි…

(අනික තවත් එක දෙයක් කමල් ස්වාමිල වගේ අයට මතක් කරන්න ඕනේ..ඉඩ තියෙන වේලාවක ප්‍රැන්සිස් පාප්තුමන් ගැන කියවන්න,  එයාගේ විඩියෝ බලන්න.එතකොට තේරෙයි ඇත්ත , හරියට කණ්නාඩියක් ලඟට ගියා වගේ.
එත්් කමල් ස්වාමිලට ඒවට වේලාවක් නෑ. තිබුනත් බලන්න කැමති නෑ.එතකොට ආතල් කැඩෙනවානේ…)

ප්‍රැන්සිස් පාප්තුමන්ගෙන් දුරකථන ඇමතුමක්…

රෝමයේ ජීවත් වූ 35 හැවිරිදි කාන්තාවක් වන ඇනා , ඇය ගැබ්ගෙන ඇති බව දැනගැනීමෙන් අනතුරැව දරුවාගේ පියාට මේ පිලිබදව දන්වා සිටියාය.
නමුත් දරුවාගේ පියා පවසා ඇත්තේ ඔහු  විවාහක පුද්ගලයෙක් බවත් එමනිසා දරුවා භාරගැනීමට නොහැකි බවත්ය.
එලෙසම ඔහු ඇයට උපදෙස් දී ඇත්තේ දරුවාව ගබ්සා කරගන්නා ලෙසටයි.

එම යෝජනාවට අකමැති වූ ඇය උපදෙසක් පතමින් 16වන ෆ්‍රැන්සිස් පාප්තුමාට ලිපියක් ලිව්වාය. දින කීපයකට පසුව ඇයවත් පුදුමයට පත් කරමින් පාප්තුමාගෙන් ඇයට දුරකථන ඇමතුමක් ලැබිණි. ඇගේ බලාපොරොත්තුව කිසිවෙකුටත් සොරා ගන්න ඉඩනොදෙන ලෙස පවසමින් පාප්තුමන් ඇයව සනසා ඇත.(www.meepura.com)

 

මේ විඩියෝවත් බලන්නකෝ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article