spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාප්තුමන්ගේ විශේෂ නියෝජිත පිලෝනි අගරදගුරුතුමන් කටුවපිටියේ විපතටපත්වු ජනයා හමුවෙති!

Must read

viber_image_2019-05-23_14-23-02   viber_image_2019-05-23_14-22-44

කටුවපිටිය  දේවස්ථානයේ  සිදුවූ  ඛේදවාචකය  පිළිබඳව  සොයාබැලීම  සඳහා  පාප්තුමන්ගේ  විශේෂ   නියෝජිතයෙකු  වශයෙන් ලංකාවට පැමිණි  පිලෝනි  අගරදගුරුතුමා  අද දින(23)  කටුවපිටිය  දේවස්ථානයට පැමිණි  අතර  මෙහිදී  මියගිය  අය  මිහිදන්  කළ  සුසාන  භූමියේ  ඉදිවන  දේව මන්දිරයට  මුල්ගල  තැබීමද  සිදුකරන  ලදී.  මෙම  උත්සවය  සඳහා  පිලෝනි  අගරදගුරුතුමන්  සමඟ  වියට්නාම් අගරදගුරුතුමෙකුද එක්ව සිටියහ.එසේම  සහායක  අගරදගුරු  තුමන්ලා  සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා , ගරු  පියතුමන්ලා ,කන්‍යා  සොයුරියන් ,  දේශපාලකයින්  ඇතුළු  විශාල  පිරිසක්  සහභාගි වූහ.. මෙහිදී  විපතට  පත්  පවුල්  සමඟ  සුහද  කථාබහක  යෙදුනු  පිලෝනි  අගරදගුරුතුමන්  අතින්  එම  පවුල්  වල  අයට  සමරු  තිළිනයක්ද  පිරිනමන  ලදී. එසේම  එතුමා  විසින්  සුසාන භූමිය  ආසිරි ගැන්වූ  අතර  පසුව  ප්‍රධාන  අමුත්තන්  සියළු දෙනා  සමඟ  මෙහි  ඉදිකිරීමට  යන  දේව මන්දිරයට  මුල්ගල  තැබීම  සිදුකරන  ලදී. viber_image_2019-05-23_14-23-54 viber_image_2019-05-23_14-24-34

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article