spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාර අබලන් වෙද්දී , හදන පිට්ටනිය පාර වරද්දා ගැනීමක්ද?

Must read

අබලන් වෙමින් පවතින පාර  දවට ගහ වත්ත ප්‍රදේශවාසීන් ගමන් කරන පාරය. එම පාරට යාබදව හැදෙන පිට්ටනිය  ශාන්ත නිකුලස් පුද්ගලික පාසැල සඳහාය.  මෙම පාසැලේ  සියළු කටයුතු මෙහෙයවන්නේ පියතුමෙකු විසින්ය. ඉහතකී පාර  මේ වනවිට  දැඩිලෙස වලවල් හෑරීමෙන් කඩතොළු වීම නිසා ගමනා ගමනය කළ යුත්තේ ඉතා අපහසුවෙන්ය. මෙසේ පාර අබලන්ව ඇත්තේ  ශාන්ත නිකුලස් පුද්ගලික පාසැලට අවශ්‍ය ⁣විවිධ දෑ රැගෙන එන බර වාහන නිසාය.
 පාර ක්‍රම ක්‍රමයෙන් අබලන් වන විට ප්‍රදේශවාසීන් ඒ බව අදාල පියතුමාට දැනුම් දුන් අතර ඒ සඳහා එතුමා පියවරක් ගන්නා බවට පොරොන්දු වී ඇත. නමුත් එම පොරොන්දුව ඉටුනොවූ නිසා  නැවතත් ප්‍රදේශවාසීන් පියතුමාට මේ ගැන සිහිකැඳවීමක් කරන ලදී. කාලය සමඟ පොර බදිමින් පිට්ටනිය හැදෙන ආකාරය දැකිය හැකි නමුත්, අබලන්වූ පාර කාලයත් සමඟ තව තවත් වලවල් හෑරෙමින් අබලන් වන බව පෙනේ. ජනතාව අසරණය. ඔවුන්ට පියතුමන්ලා සතු ආගමික  සහ සමාජමය බලය ඉදිරියේ  කිසිවක් කළ නොහැක. ඇත්තේ ප්‍රදර්ශණය කළ නොහැකි  නිහඬ විරෝධතාවයකි.

ප්‍රදේශවාසීන්ට අනුව රැවුලත් , කැඳත් යන දෙකම අවැසිය.
නමුත් පියතුමන්ලාට අනුව එය එසේ නොවන බව පෙනේ.
අප මීට පෙරද මේ ගැන සඳහන් කරමින් කියා සිටියේ මෙම පාසැලට පිට්ටනියක් හැදීම ගැන කිසිදු විරුද්ධ වීමක් නැති නමුත් , ජනතාව ගමන් කරන පොදු පාර යම් කටයුත්තකට භාවිතාකොට එය අබලන් වන්නේ නම් එය යථාපරිදි නැවත සැකසීම යුතුකමක් සේම වගකීමක් බවය.
එය එසේ නොවීම ගැන ප්‍රදේශවාසීන් දැඩි කළකිරීමෙන් පසුවෙති. පිට්ටනියට නැති ශාන්ත බව පාරට නැත්නම් ඒ ශාන්ත බවෙන් වැඩක් නැත. එබැවින් මේ ගැන අවධානය යොමු කරන මෙන් මෙම පාසැලේ පියතුමන්ලාට මෙන්ම අදාල වෙනත් වගකිවයුත්තන්ට අප අවධාරණය කර සිටිමු
මාලා ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article