spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාවිච්චි කළ ජපන් වාහනවලටත් බදු සහන

Must read

veජපානයෙන් ආනයනය කරන ලියාපදිංචි නොකළ විද්‍යුත් වාහන සඳහා ලබාදුන් බදු සහනය, ආනයනය කරන පාවිච්චි කළ වාහන සඳහා ලබාදීමට ද රජය තීරණය කළ බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (16) ප්‍රකාශ කළේය.

මෙම සහනය පාවිච්චි කළ වාහනවලට ද ලබාදෙන ලෙස ජනතාව කළ ඉල්ලීම් සළකා බලා මේ තීරණය ගත් බව පැවසූ ඇමැතිවරයා පෙරේදා (15) මධ්‍යම රාත්‍රියේ සිට මේ සහනය ජනතාවට හිමිවන බව ද පෙන්වා දුන්නේය. ඊට අමතරව දෙමුහුන් වාහන සඳහා ලීසිං පහුසකම් සපයා ගැනීම සඳහා ලබා දී තිබූ 50:50 ය සහනය ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට 70:30 ලෙස සංශෝධනය කිරීමට ද තීරණය කළ බව ද ඒ මහතා පැවැසීය.

අය-වැය ඉදිරිපත් කළ පසුගිය 9 දාට පෙර ඉදිරිපත් කළ ණයවර ලිපි සඳහා වාහන ආයනයනය කිරීමේ සහනය 2018 වසරේ අප්‍රේල් දක්වා ලබාදෙන බව ද ඇමැතිවරයා කීවේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා, ආනයනය කරනු ලබන විද්‍යුත් මෝටර් රථ සඳහා අය-වැය 2018 මඟින් ලබා දී ඇති තීරුබදු සහනය එක් වසරකට නොවැඩි කාලයක් සහිත භාවිත කරන ලද වාහනවලට ද ලබාදීමට තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව, මෙසේ වසරක් පැරණි විද්‍යුත් මෝටර් රථ ආනයනය කිරීමේ දී රුපියල් දසලක්ෂයක පමණ තීරුබදු සහනයක් හිමිවෙනවා.

මෙම නව රෙගුලාසි අනුව වසරකට නොවැඩි කාලයක් සහිත භාවිත කරන ලද කිලෝවොට් 100 කට වඩා අඩු ධාරිතාවයකින් යුත් විදුලි කාර් ආනයනය කිරීමේ දී වාහනයේ එක් කිලෝ වොට් ධාරිතාවක් සඳහා රුපියල් 12, 500 බැඟින් තීරුබදු අයකරනවා. වෙනත් බලශක්ති මඟින් ධාවනය වන වාහන ආනයනය කිරීම දිරිගැන්වීමේ බදු ව්‍යුහයක් මෙවර අය-වැය මඟින් හඳුන්වා දී තිබෙනවා.

වාහන ආනයන ආදායමේ සිදුවන කාන්දුවීම්ද අවම කිරීමේ අරමුණින් එන්ජින් ධාරිතාව මත පදනම් වූ බදු සූත්‍රයක් හඳුන්වා දීම මඟින් ඛනිජමය ඉන්ධන මඟින් ධාවනය වන වාහනවල බදු ක්‍රමය සාධාරණ ක්‍රමයකට යටත්කර තිබෙනවා. මෝටර් කාර් රථ සඳහා දැනට ක්‍රියාත්මක 50:50 වන වටිනාකමට ණය අනුපාතය (LTV) දෙමුහුන් වාහන සඳහා 70:30 අනුපාතය දක්වා වෙනස් කරන අතර ඒ අනුව එවැනි වාහනයක් කල්බදු ක්‍රමය යටතේ මිල දී ගන්නා කෙනෙකුට පෙර පැවැති වාහනයේ වටිනාකමින් සියයට 50 ගෙවීම වෙනුවට සියයට 30 ක් පමණක් ගෙවා වාහනයක් කල්බදු ක්‍රමය යටතේ මිල දී ගැනීමේ හැකියාවක් ලැබෙනවා.

ඒ අනුව වාහන සඳහා වටිනාකමට ණය අනුපාතය අනුව මූල්‍ය පහසුකම් මෙසේය. පෙට්‍රල්/ඩීසල් මෝටර් රථ වටිනාකමින් සියයට 50, දෙමුහුන් මෝටර් රථ වටිනාකමින් සියයට 70, විදුලියෙන් ධාවනය වන මෝටර් රථ වටිනාකමින් සියයට 90, මහල් නිවාස සංකීරණවල නිවාස ඒකක අලෙවියේ දී 2018 අප්‍රේල් 01 දින සිට වැට් අයකරනවා. එහෙත් 2018 අප්‍රේල් පළමු දිනට ප්‍රථම අත්සන් තබන ලද ගිවිස්නාවක් මත අලෙවි කරනු ලබන නිවාස ඒකක වැට් බදුවලින් නිදහස් කෙරෙනවා යැයි පැවැසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article