spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාසැල් ප්‍රධානීන්ට ශුද්ධවන්තයින්ගේ පිහිට ලැබේද?

Must read

cartoonnnewකතෝලික පාසැල් වලට ලබන වර්ෂය 2016 සඳහා  ළමයින්  ඇතුළත් කිරිමට අවශ්‍ය ඉල්ලුම පත්‍ර නිකුත් කරනු ලබන දින වකවානු පිළිබදව විස්තරයක් පසුගියද්‍රා  ප්‍රදිපයේ පළවි තිබුණි.
සැම වර්ෂයක්ම පාසාම මෙම විස්තර ප්‍රදිපයේ පළ වන අතර එම පාසැල් සඳහා අය කරනු ලබන මුදල් පිලිබදව විස්තර සඳහන් නොවීම විශාල අඩුපාඩුවකි.
මෙම කතෝලික පාසැල් වල උත්සව අවස්ථා වලට ගරු මැල්කම් රංජිත් කාර්ඩිනල් තුමා සහභාගි  වන අවස්ථා වලදි පවසනුයේ කතෝලික දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු  කිරිම සදහා මෙම පාසැල් වලින් මහගු කාර්යක් ඉටු කරනු ලබන බවයි.  නමුත් ලක්ෂ ගණන් මුදල් ගෙවා මෙම කතෝලික පාසැල් වලට ඇතුල් විය හැක්කේ මුදල් තිඛෙන ධනපති පංතියේ අයට පමණි මෙම පාසැල් වලට ළමයි ඇතුළත් කිරිම සඳහා අය කරනු ලබන අල්ලස් මුදල් දැනට ලක්ෂ 4ක් පමණවේ. මෙම මුදල් වර්ෂයක් පාසා ලක්ෂයකින් වැඩිවේ. මෙම මුදල් පාසැල් ප්‍රධානින් විසින් දෙනු ලබන ගිණුමට බැරකොට රිසිට්පත පාසැලට ලබාදිය යුතුය එමෙන්ම  අඩු මුදලට ළමයින් කිප දෙනෙක් ඇතුලත් කරගනු ලැබේ ඒසේ කරනුයේ යම් කිසි ප්‍රශ්නයක්  ඇති වු විට ඒ අය ඉදිරිපත් කිරිම ස`දහායි
මෙම කතෝලික පාසැල් හදුන්වනු ලබන්නේ ශ=ද්ධ වරයින්ගේ නාම වලිනි මෙම ශ=ද්ධ වන්තයින්ගේ ජිවිත කථාව වත් මෙම පාසැල් ප්‍රධානින් නොදන්නවා වන්නට පුලුවන නැතහොත් මේ ආකාරයෙන් මෙම ශ=ද්ධ වන්තයින්ට නිගා නොකරනු ඇත මෙය මුලු කතෝලික සභාවටම අවමානයකි කතෝලික සභාවේ නායකයින් පළමුවෙන් කළ යුත්තේ මෙම පාසැල් ප්‍රධානින්ට ශුද්ධ වන්තයින්ගේ ජිවිත කථාවන් කියා දිමයි.Cartoons_saintgreen_609265460
මෙම පාසැල් ප්‍රධානින්ට කවමදාකවත් මෙම ශද්ධ වන්තයින්ගේ පිහිට නම් ලැඛෙන්නේ නැත.  මෙම පාසැල් වලට ඇතුලත්  විමෙන් පසුවත් තවත් ලක්ෂ ගණන් වියදම් කල යුතුව ඇත විශේෂයේන් පන්ති වලට පාට ගෑමට  , සංගිත සංදර්ශන වලට , උපන් දින වලට , වර්ෂයක් පාසා පවත්වනු ලබන ”පා” ගමනට පවුලේ සියලු දෙනාම ටි ෂර්ට් , කැප් , තොප්පි ආදිය මුදලට ලබා ගත යුතුයි .
මේකද කතෝලික කම ? මෙම  දේවල් නැවැත්විමට සභාවේ නායකයින් ක්‍රියා නොකිරිම පුදුමයට කරුණකි.  එම නිසා අධ්‍යාපන බලධාරින් ගෙන් ඉල්ලා සිටිනුයේ මෙම ගසා කෑම නැවැත් විමට කටයුතු කරන ලෙසයි. නැතහොත් මේ අයව අල්ලස් හා දුෂණ මර්ධන කොමිසම ඉදිරියට යැවිමට හෝ  කටයුතු කරන්න.

කේ.ඒ.බී. ෆෑන්ක් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article