පාළු නිවසක තිබී අභිරහස් ලෙස මිය කාන්තාවකගේ සිරුරක් හමුවෙයි

0
167

04(1) 02(2)මාදම්පේ – මැල්ලවාගාර,පූක්කුලම ගම්මානයේ පාළු නිවසක තිබී මාස කීපයකට පෙර අභිරහස් ලෙස මිය ගොස් ඇති කාන්තාවකගේ මල සිරුරක් හමුවී ඇති බව මාදම්පේ පොලීසිය කියයි. මිය ගොස් ඇති කාන්තාවගේ සහෝදරියක විසින් මාදම්පේ පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව පසුගිය 07 වැනිදා සවස පොලීසිය විසින් මෙම මල සිරුර සොයා ගෙන ඇත.

මිය ගොස් ඇත්තේ මාදම්පේ – මැල්ලවාගාර,පූක්කුලම පදිංචිව සිටි රාජකරුණා මනමේන්ද්‍ර නයිදෙලාගේ ආරියවතී හෙවත් කුමාරි (අවු:66) නම්වූ කාන්තාවකි. මිය ගොස් ඇති කාන්තාව විවාහ දෙකක් කරගෙන ඇති තැනැත්තියකි.විවාහ දෙකෙන්ම ඇයට දරුවන් නොමැති බව විමර්ශණ වලදී අනාවරණය වී ඇත. ඇයගේ දෙවෙනි විවාහක සැමියාද මේ වන විට මිය ගොස් ඇත.ඔහුගේ විශ්‍රාම වැටුපෙන් ඇය ජීවිකාව රැක ගෙන ඇත.

මිය ගොස් ඇති කාන්තාව තනිවම වාසය කළ නිවස ආසන්නයේම තවත් නිවාස පිහිටා ඇතත් ඒ කිසිවෙකු සමග ඇය සම්බන්ධතා පවත්වා නොමැති බව විමර්ශණ වලදී අනාවරණය වී ඇත.


ජූඩ් සමන්ත