spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාාස්කු ප්‍රහාරයෙන් මියගිය කතෝලිකයින් 300 ගැන සිරිසේන වගකියයුතු බවට කාර්දිනල්ගේ නීතිඥයා යෝජනා කරයි!

Must read

2018 වර්ශයේ අප්‍රෙල් මාසයේ පාස්කු ඉරිදා එල්ල කරන ලද මරාගෙන මැරෙන බොම්මබ ප්‍රහාරයන්ගෙන් මියගිය 300ක් පමණ කතෝලිකයින් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති සිරිසේන වගකිය යුතු බව කාදිනල් මැල්කම් රංජිත් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා යෝජනා කරයි. කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් වෙනුවෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයන් සම්බන්ධයෙන් පරීක්ෂා කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවෙහි පෙනී සිටින ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මෙම යෝජනාව හිටපු ජනාධිපතිවරයාට කර ඇත්තේ පසුගිය සිකුරාදාය.

එම ප්‍රශ්ණ විමසීම මෙසේ සිදුව තිබේ.

නීති පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පෙන්නුම් කරන්නේ ඔබ ඔබේ රාජකාරිය නිසියාකාරව කර නොමැති බවයි.

සිරිසේන මම එය පිළිගන්නේ නැහැ. මෙවැනි සිදුවීම් මට පෙර ජනාධිපති ධුරය දැරූ සියලු දෙනාගේ පාලන කාලය තුළ සිදුවුණා. එහෙමනම් ඔවුන්ගෙන් කිසිවෙකුත් ඔවුන්ගේ වගකීම් ඉටු කර නැහැ. එවැනි සිදුවීමක් සිදුවීම වැළැක්වීමට මම හැකි සෑම පියවරක්ම ගත්තා.

නීති පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමෙන් ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමට ඔබ සම්පූර්ණයෙන්ම අසමත් වී ඇති බව මම ඔබට යෝජනා කරමි.

සිරිසේන මම එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමි.

නීති මෙම ප්‍රහාරය සිදුවීමට ඉඩ දීමෙන් ඔබ ආරක්ෂක ඇමතිවරයා ලෙස ඔබේ යුතුකම සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බව මම ඔබට තවදුරටත් යෝජනා කරමි.

සිරිසේන මම එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමි.

තම වගකීම් නොසලකා හැර ඔහු යටතේ සේවය කරන සෙසු නිලධාරීන්ට කෙලින්ම චෝදනා කරමින් ඔහු කතෝලික ජනතාවට වල කැපූ බව පිළිගන්නේ දැයි ඇසූ විට ඔහු කියා සිටියේ තමන් එය භාර නොගන්නා බවයි. “මම ජනාධිපති ධුරය දැරූ කාලය තුළ සිදු වූ මෙම සිද්ධියෙන් විශාල මරණ සංඛ්‍යාවක් සිදුවුණා. ඔවුන් අතර කතෝලිකයන් විශාල පිරිසක් ද වුණා. ඒ ගැන දැඩි කම්පනයට පත්වෙනවා,” ඔහු පැවසා තිබේ.

එසේම, කතෝලිකයන් ඇතුළු 300 කට ආසන්න පිරිසකගේ මරණයට මූලික වශයෙන් වගකිව යුත්තේ හිටපු ජනාධිපතිවරයා බව නීතිවරයා යෝජනා කළ විට සාක්ෂිකරු එය ප්‍රතික්ෂේප කළේය.

පාස්කු ඉරිදා බෝම්බ හෙලීම පිළිබඳව විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් ගැන විමසූ විට සාක්ෂිකරු කියා සිටියේ තමන් තේරීම් කාරක සභාවේ කටයුතු පිළිගන්නේ නැති බවයි.

ඔහු තවදුරටත් මෙසේ පෙවසා තිබේ. “ඉතින් ඔවුන් ඇවිත් මගෙන් ප්‍රකාශයක් පටිගත කළා. එහි සාමාජිකයෙකු වූ හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මට වෛර කරන පුද්ගලයෙක්. තේරීම් කාරක සභාවේ සෙසු සාමාජිකයන් ද මට විරුද්ධව පෞද්ගලික අමනාපකම් ඇති කර ගතතා. එබැවින් එම කාරක සභාවේ කටයුතු මම පිළිගන්නේ නැහැ. ”

දුරකථන දත්ත වාර්තාවලට අනුව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එවකට රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ එස්.අයි.එස්. ජ්‍යෙෂ් නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අතර 2019 අප්‍රේල් 21 දින පෙ.. 7:59 ට පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම්වලට පෙර තත්පර 159 ක දුරකථන සංවාදයක් සිදුවී තිබේ.

එසේම, දෙදෙනා අතර තවත් දුරකථන සංවාදයක් 2019 අප්‍රේල් 20 වන දින සවස 6:16 ට සිදුව තිබේ. මීට අමතරව, 2019 අපේ‍්‍රල් 4දා සිට 21දා දක්වා එනම් ජාතික තව්හීඩ් ජමාඅත් (එන්ටීජේ) නායක සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායමකට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල කළ හැකි බවට විදේශ බුද්ධි තොරතුරු ලැබීමෙන් පසුව, සිරිසේන සහ ජයවර්ධන අතර දුරකථන සංවාද 20 ක් පමණ පැවතී තිබේ.

මෙම තරුණු මේ බව අනාවරණය වූයේ ඔක්තෝම්බර් 24 වන දින පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දුන් විට විය. එදින කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීති ෂමිල් පෙරේරා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීය.

නිලන්ත ජයවර්ධන සහ ඔහු අතර නිරන්තරයෙන් දුරකථනය සම්බන්ධතාවයන් පවත්වා ඇත්දැයි පෙරේරා සාක්ෂිකරුගෙන් විමසූ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ නිතර දුරකථන ඇමතුම් හුවමාරු නොවන බවයි.

ජයවර්ධන සහ හිටපු ජනාධිපතිවරයා අතර 2019 ජනවාරි 1 සිට මාර්තු 31 දක්වා සිදු වූ දුරකථන සංවාද පිළිබඳ තොරතුරු ඇතුළත් ලියවිල්ලක් ද නීතිඥ පෙරේරා සිරිසේනට පෙන්වීය. එය පරීක්ෂා කළ සිරිසේන පැවසුවේ එහි ඇති දුරකථන අංක තමාට මතක නැති බවයි. “මම ජංගම දුරකථනයක් පවා පාවිච්චි කරන්නේ නැහැ. එබැවින් මෙම ලේඛනය තවදුරටත් පරීක්ෂා කළ යුතුයැයි ඔහු කීවේය.

පේජට් පාරේ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට අයත් දුරකථන අංක හයක් එම ලේඛනයේ තිබේදැයි විමසූ විට සිරිසේන එය පිළිගත්තේය.

එම ලේඛනයට අනුව 2019 ජනවාරි සිට අප්‍රේල් දක්වා පමණක් සිරිසේන සහ ජයවර්ධන අතර දුරකථන ඇමතුම් 221 ක් හුවමාරු වී තිබේ. කෙසේ වෙතත් සාක්ෂිකරු කියා සිටියේ තමාට එම දුරකථන ඇමතුම් ලැබුණු බව පිළිගත නොහැකි බවයි. ‘මගේ නිල නිවසට හෝ ජනාධිපති ලේකම් කාර්යාලයට දුරකථන ඇමතුම් ලැබෙන්නට ඇති. නමුත් මට ඒ සියල්ල ලැබුණා යැයි කීම දුෂ්කර යි. මා කැබිනට් රැස්වීම් හා වෙනත් උත්සවවලට සහභාගි වූයේ නම් දුරකථන ඇමතුම් මා වෙත යොමු වන්නේ නැහැ.”

තවදුරටත් ප්‍රශ්ණ කරමින් නිලන්ත ජයවර්ධන 2019 අප්‍රේල් 20 වන දින සවස 6: 16 ට පමණ හිටපු ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දී ඇත්දැයි ඇසූ විට, සිරිසේන එදින සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබන බව පැවසූ අතර ආරක්ෂක නිලධාරියෙකුට පවා එදින තමා හමුවීමට ඉඩක් නොතිබූ බව පැවසීය.

නීතිඥ පෙරේරා බෝම්බ පිපිරීමට පෙර සිරිසේන 2019 අප්‍රියෙල් 21 වන දින උදේ 7:59 ට පමණ හිටපු SIS අධ්‍යක්ෂවරයා වූ නිලන්ත ජයවර්ධනට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව සාක්ෂිකරුට පෙන්වා දුන්නේ. සිරිසේන පැවසුවේ මෙය මුළුමනින්ම පිළිගත නොහැකි බවත් තමා ජයවර්ධන දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තේ බෝම්බ ප්‍රහාරයෙන් පසුව පමණක් බවත්ය.

කෙසේ වෙතත්, කාදිනල්තුමාගේ නීතිවරයා කොමිසමට පැවසුවේ වාර්තාවට අනුව හිටපු ජනාධිපතිවරයා අප්‍රේල් 21 වන දින උදෑසන බොහෝ දුරකථන ඇමතුම් ලබාගෙන ඇති බවයි. “වාර්තාවේ සඳහන් කුමක් වුවත් බෝම්බ පිපිරෙන තුරු මා සිටියේ රෝහලේයි. ඒ අවස්ථාවෙහි මට දුරකථන ඇමතුම් ලබා ගැනීමට පුලුවන්කමක් තිබුණේ නැහැ. සිද්ධිය ඇසීමෙන් පසු මාව හෝටලයට ගෙන ආවායැයි සිරිසේන පැවසීය.

බෝම්බ ප්‍රහාරයෙන් පසු සිරිසේන සහ එස්අයිඑස් අධ්‍යක්ෂවරයා අතර දුරකථන ඇමතුම් හතක් පමණ හුවමාරු වී තිබේ.

පෙර කී පරිදි බෝම්බ පිපිරීමෙන් පසු ඔහුට දුරකථන ඇමතුම් කිහිපයක් ලබා ගත හැකිව තිබුනේ කෙසේදැයි පෙරේරා තවදුරටත් සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් සාක්ෂිකරු පැවසුවේ, “මා ඒ වනවිටත් දැඩි පීඩාවකට පත්වයි සිටියේ. කෙසේ වෙතත්, මෙම සිදුවීම බරපතල ඛේදවාචකයක් වූ නිසා, ඒ නිසා අවශ්‍ය පියවර ගන්නා ලෙස මම අගමැති, පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සියලු දෙනාට උපදෙස් දුන්නා. ”

කාදිනල්තුමාගේ නීතිඥ පෙරේරා සිරිසේනගෙන් ඇසුවේ ඔහු මෙතරම් දරුණු ලෙස රෝගාතුර වී ඇත්නම් එදින රාත්‍රියේම ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණිය ැකිවූයේ කෙසේද යන්නයි. ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ අදාළ වෛද්‍ය වාර්තා රහසිගතව කොමිසමට ඉදිරිපත් කළ හැකි බවය.

Ceylon Today වාර්තාවක් ඇසුරෙනි.
(Sri Lanka Brief)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article