spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පැණි බීම වර්ගවල සීනී ග්‍රෑම් 6ට වඩා අඩංගු වුවහොත් බද්දක් !

Must read

Rajitha

ඉදිරියේ දී පැණි බීම වර්ගවල  සීනී  ග්‍රෑම් 6ට වඩා අඩංගු වුවහොත් සෑම ග්‍රෑමයකටම රුපියලක බද්දක් අය කරන බවත් ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ද හිමිව තිබෙන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

 2017 හෙද ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය  ඊයේ (29)  අරලියගහ මන්දිරයේ දී  පැවැති අතර එහිදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී හෙද හෙදියන් 1400 කට සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් ඩිප්ලෝමා ප්‍රදානය සිදු කළේය.

ජනතාව සීනි පරිභෝජනයෙන් අවම කර ගැනීම සඳහා සියලුම පැණිබීම වර්ගවලට වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වා දී තිබෙන බවත්  බෝනොවන රෝගවලින් රෝහල්වල පුද්ගයින් 70%ක් මිය යන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

උපාධිධාරීන් 2000 ක් පුහුණු කළ හැකි හෙද පීඨය ජයවර්ධනපුර රෝහල් භුමියේ ඉදිකරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා . දල දේශීය නිෂ්පාදනයෙන් සෞඛ්‍ය සේවාවට හා අධ්‍යාපනයට විශාල මුදලක් වැය  කරන අතර 2016 වසරේ දී සෞඛ්‍ය සේවාවට පමණක් රුපියල් බිලියන 235 ක මුදලක් වෙන් කළ බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අංශයේ අධ්‍යක්ෂවරුන්, හෙද විද්‍යාලවල විදුහල්පතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

 www.news.lk
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article