spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පැන ගිය අසාදිතයා පැමිණි ත්‍රිරෝද රථයේ රියදුරු කන්දකාඩු මධ්‍යස්ථානයට…..

Must read

 kandakadu1-825x412

අයි.ඩී.එච්. රෝහලෙන් පලාගොස් සිටි කොරෝනා ආසාදිතයා කොළඹ කොටුවේ සිට කොළඹ ජාතික රෝහල දක්වා රැගෙන ගිය ත්‍රිරෝද රථ රියදුරු කන්දකාඩු මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට තීරණය කර තිබේ.

පලාගිය කොරෝනා ආසාදිතයා නැවතත් අයි.ඩී.එච්. රෝහල වෙත රැගෙන යාමට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ පියවර‌ ගෙන ඇත.

අදාළ ආසාදිතයා අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (24) අළුයම 2ට පමණ රෝහලෙන් පලා ගොස් ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ඔහු සොයා ගැනීමට විශේෂ හමුදා කණ්ඩායම් යොදවමින් ක්‍රියාත්මක විය.

අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගිය ආසාදිතයා කොළඹ කෙලින් වීථියට ගොස් එතැන් සිට ත්‍රිරෝද රථයකින් කොළඹ ජාතික රෝහලට එම පුද්ගලයා පැමිණ ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙස්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

කෙසේ වෙතත් එම රෝගියා කොළඹ කෙලින් වීථියට පැමිණ ඇත්තේ කෙසේ දැයි සෙවීම සදහා මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සිදුව ඇති තත්වයේ බැරැරුම්කම තේරුම් ගනිමින් අදාල බලධාරින් මෙවන් රෝගින් පිළිබදව වඩාත් අවධානයක් යොමුකළ යුතුව ඇත්තේ දැනටමත් මේ පැන යාම හරහා මතුව ඇති අවධානම් තත්වයද හේතුකොට ගෙනය.
විශේෂයෙන්ම මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් මෙසේ හැසිරිය හැකිව තිබෙන පසුබිමක ඒ අය ගැන වඩාත් අවධානයෙන් නොසිටිම විසින් දැනටමත් මේ අර්බුදය නිර්මාණය වි තිබේ.
මුලාශ්‍රය  අරුණ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article