spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පැය 5කට තොග කඩ ඇරේ..!

Must read

STOCKඅත්‍යවශ්‍ය ආහාර තොග දිවයින පුරා බෙදා හැරීම සඳහා පිටකොටුව තොග වෙළෙඳසල් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද මත දිනකට පැය පහ බැගින් විවෘත කර තැබීමට පියවර ගෙන ඇති අරුණ වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

පිටකොටුව හා කොටුව පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරිනීතිය පනවා තිබුණද ඊයේ (27 වැනිදා) අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම ආරම්භ කළ බව පිටකොටුව තොග වෙළෙඳ සංගමයේ ලේකම් එන්. ඉමලනාදන් ‘අරුණ’ට පැවසා තිබේ.

පොලිසිය හා සෞඛ්‍ය අංශවල උපදෙස් මත භාණ්ඩ බෙදාහැරීමේදී අත්‍යවශ්‍ය සේවකයන් පමණක් ගෙන්වන අතර කරත්ත මගින් අත්‍යවශ්‍ය ආහාර මලු ප්‍රවාහනය තහනම් කර ඇත.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන යාම සඳහා පිටකොටුවට පැමිණෙන ලොරිවල සිටින රියැදුරා හා රිය සහායක එකතුව ආහාර ද්‍රව්‍ය මලු පැටවීම සිදුකළ යුතු බවද ඔහු කියා සිටියේය. වෙළෙඳසල් සෑම දිනකම විෂබීජහරණයද කළ යුතුය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අවශ්‍ය තරම් තොග පවතින බව ලේකම්වරයා අවධාරණය කර සිටියේය. පිටකොටුව ප්‍රදේශයේ තොග වෙළෙඳසල් 200ක් පමණ ඇත.

මේ අතර පසුගියදා දේශපාලන අධිකාරිය සහ පරිපාලන අධිකාරිය එක්ව මිගමුවේ පැවැති රැස්විමකදි තීන්දුකර තිබුනේ ගම්වල ඇති සිල්ලර කඩ විවෘත කිරිමටද ඉඩකඩ සලසා දෙන බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article