spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පැහැරගත් ඊගල් හාර්ඩ්වෙයාර් වෙළඳ සැලේ ලොරි රථය සොයාගනියි

Must read

ඊගල් හාර්ඩ්වෙයාර් වෙළඳ සැලට අයිති LI 0769 දරන 10wheel ට්‍රක් රථය ජූලි මස 10 වනදා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබියදී සිමෙන්ති තොගය සමඟ රියදුරු විසින් පැහැරගන්නා ලදී. මෙහි වටිනාකම ලක්ෂ 80 ක් පමණ වන බව හිමිකරුවන් විසින් ෆේස්බුක් පිටුවේ ද සදහන් කොට තිබුණි.
ජූලි මස 10 දින රියදුරු සමඟ අතුරුදහන් වූ සිමෙන්ති සමඟ ලොරි රථය පැහැර ගැනීමකට ලක්වී ඇති බවත් ලොරි රථය රැගෙන ගිය රියදුරු හා තවත් පුද්ගලයෙකු විසින් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවත් පසුව කල පරීක්ෂණ වලදී හෙලි විය
රියදුරුගේ දුරකථන සම්බන්ධතා හරහා ලොරිය ගෙන ගිය දිශාව සොයා ගැනීමකට ලක් වූ අතර හම්බන්තොට නිවසක තිබී ලොරි රථයට අයත් ලියාපදිංචි සහතික ලබා ගැනීමට හැකි වුනි. නිවසෙහි සිටි පැහැරගත් පුද්ගලයාගේ පියා අත්ඩංගුවට ගත් අතර ලොරිය සොයාගැනීමට නොහැකි වුනි.ලොරි රථය පැහැරගත් සොරාව හසුකරගැනීමට නොහැකි වූ අතර නඩු දිනයේදී ඔහුද පොලීසියට බාර වෙන ලදි.
පසුගිය 25 ( ජූලි ) දින හම්බන්තොට පොලීසිය විසින් ලොරි රථය සොයාගත් බවට එහි හිමිකරු වෙත දන්වා ඇත.ලොරිය හම්බන්තොට ප්‍රදේශයේ පාලු පාරක තිබී හමූ වී ඇති අතර ඒ වන විටත් එහි වර්ණය හා ටයර් ඇතුලු තවත් උපාංග රැසක් මාරු කර තිබිනි.නමුත් එහි තිබූ සිමෙන්ති සොරකම් කර ඇති අතර ලොරි රථයද අබලන් බවට පත් වී ඇති බව වාර්ථා වුනි.පසුව රීගල් හාඩ්වේයර් හිමිකරු විසින් නැවත එය යථා තත්වයට පත් කොට මීගමුවට රැගෙන ඇවිත් ඇති අතර මේ වන විට මීගමුව පොලීසියේ රදවා තිබේ.පසුගිය 30 දින පැවති නඩුවේදී ලොරිය පැහැරගත් සැකකරු දින 14 කට සිරගත කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article