spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පිටිපන,දූව ලෙල්ලමේ වැසිකිළිය අපායක් …

Must read

IMG-20200918-WA0006IMG-20200918-WA0011IMG-20200918-WA0007පිටිපන ලෙල්ලම මීගමු නගරයේ ආර්ථිකය කෙරෙහි බලපාන ප්‍රධාන මර්මස්ථානයකි. මීගමු නගරයේ පමණක් නොව වෙනත් ප්‍රදේශයන්ගෙන්ද මෙම ස්ථානයට ජනතාව එක් රොක් වන්නේ තම ජීවන වෘත්තිය නිසි ලෙස කර ගැනීම උදෙසාය. ඒනිසා මෙවැනි ස්ථානයක් නියමිත පරිදි නඩත්තුවීම අත්‍යවශ්‍ය සාධකයකි. නමුත් මෙම මෙම ස්ථානය අද වනවිට මිනිස් ක්‍රියාකාරීත්වයට නුසුදුසු ලෙස ජරාජීර්නවී තිබීම බරපතල ඛේදවාචකයකි. ලෙල්ලමේ එක් පසෙක ඇති කොටසේ වැසිකිළිය අපායකි.IMG-20200918-WA0008IMG-20200918-WA0001 මෙම වැසිකිළියට යාගත නොහැකි නිසා වැඩි දෙනක් එම කර්තව්‍ය කරන්නේ අතරමගය. පල්ලිය විසින් නඩත්තු කලයුතු එක් පසෙක ඇති මෙම කොටසේ බිත්තියේ ඇති නාම පුවරුවේ ,මේ අපේ ලෙල්ලමයි . මෙය පිරිසිදුව හා ආරක්ෂිතව තබා ගනිමු. යනුවෙන් ලියා ඇත. නමුත් මෙහි ප්‍රධාන වගකිවයත්තා වන පල්ලියට මේ ගැන වගේ වගක් නැත. මෙහි රැකියාව කරන කිසිවෙකු තමන්ගේ රැකියාව රැක ගැනීමේ අවශ්‍යතාවය නිසා නිහඬ පිළිවතක් අනුගමනය කරති. නමුත් මෙම ස්ථානය ගැන ඇස් ඇරවීමේ අවශ්‍යතාවයක් දැඩිව පවතින බව අප මීපුර මාධ්‍ය ජාලය ලෙස අවධාරණය කර සිටිමු.IMG-20200918-WA0010

,

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article