spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

’20 හැදුවේ ජනාධිපතිම නම් තත්වය තවත් බරපතලයි’ -ජාතික සංවිධාන

Must read

sharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
විසි වන ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත ගෙන ආවේ ජනාධිපතිවරයා ම නම් එම තත්ත්වය ඉතාම බරපතළ බව අමාත්‍ය විමල් විරවංශ විසින් මෙහෙයවන ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි.

එම සංවිධානයේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසන්නේ, ජනාධිපතිවරණ ජනවරමින් ජනතාව අපේක්ෂා කළේ යුක්ති සහගත හොඳ දේ කරන පාලකයෙක් බව වුවත් මෙම සංශෝධනය මගින් ජනාධිපතිගේ එම ප්‍රතිරූපයට හානි වන බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.

නීති කෙටුම්පත් අංශයේ නිලධාරීන් හිතාමතා මෙම සංශෝධනයට ඇතැම් කොටස් දැම්මේද නැත්නම් ඔවුන් පුරුද්දට වභාගයකින් තොරව දැම්මේදැයි සොයා බැලිය යුතු බවත් ඔහු එහිදී කියා සිටියේය.

19 සංශෝධනයේ තිබූ ඇතැම් හොඳ දේවල් මෙම විසිවන සංශෝධනය මගින් ආපසු හරවා ඇතැයිද එය ජනවරමේ අපේක්ෂාව නොබවත් හොඳ දෙයක් නොවන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

Rajapaksha 2020.09.18                        විස්ස සාරාර්ථයෙන් ගත් විට, රාජපක්ෂලාගේම මිස වෙන කිසිවෙකුගේ නොවේ :

මේ අතර ප්‍රකට දේශපාලන විචාරක සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ පවසන්නේ, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය, එහි සාරාර්ථයෙන් ගත් විට, රාජපක්ෂලාගේම මිස වෙන කිසිවෙකුගේ නොවන බවයි.

අලි සබ්රි, ජී. ඇල්. පීරිස් හෝ වෙන ඕනෑම කෙනෙකුට කළ හැක්කේ, රාජපක්ෂලාගේ අදහස සහ අවශ්‍යතාව ඉංග්‍රීසියෙන් ලියා දීම පමණක් බවද ඔහු පෙන්වා දී ඇත.

කාරණය ඉතා සරලව පැහැදිලි කරන වියන්ගොඩ, 20 වැනි සංශෝධනයට අනුව රාජපක්ෂ අභිලාෂයන් මෙසේ පැහැදිලි කරයි.

(1) ව්‍යවස්ථා සභාව අහෝසි කෙරේ. එය රාජපක්ෂ අභිලාෂයකි.

(2) විගණන කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා අකර්මණ්‍ය කෙරේ. එය රාජපක්ෂ අභිලාෂයකි.

(3) ප්‍රසම්පාදන නියාමනය අහෝසි කෙරේ. එය රාජපක්ෂ අභිලාෂයකි. (ප්‍රසම්පාදනය යනු, විනිවිද පෙනෙන සේ අනුගමනය කළ යුතුව ඇති ටෙන්ඩර් පරිපාටි වැනි දේවල් ය).

(4) ජනාධිපතිවරයා කරන කිසිවක් නීතිය ඉදිරියේ වරදක් නොවේ. (මුක්තිය). එය රාජපක්ෂ අභිලාෂයකි.

(5) අලූත් පාර්ලිමේන්තුවක් අවුරුද්දක කාලයක් අවසානයේදී විසුරුවා හැරිය හැකිය. එය රාජපක්ෂ අභිලාෂයකි.

(6) ඉහළ අධිකරණ විනිසුරුවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ආදී මර්මස්ථාන හොබවන තනතුරුවලට අÞළ මෙහෙයවීම ජනාධිපති යටතට ගැනේ. එය රාජපක්ෂ අභිලාෂයකි.
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article