spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පොල් බෑයක් 50 යි: රාජ්‍ය ඇමති ගස් නගී! – ‘බඩු මිල අඩු කරන්න බැරිබව බන්දුල කියයි!!

Must read

sharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
මේවනවිට ජීවන වියදම බරපතල ලෙස ඉහළ ගොස් ඇති නිසා ජනතාවට එදා වේල කෑමට නොහැකි තත්වයක් උදාවී ඇතැයි

විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසද්දී, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසන්නේ බඩු මිල අඩු කිරීමට බොරු ප්‍රාතිහාර්ය විසඳුම් නැති බවයි.

රට තුල නිෂ්පාදනය කරගත හැකි සියලු දේ වැඩියෙන් නිෂ්පාදනය කළහොත් පමණක් භාණ්ඩ මිල වැඩිවීමේ ගැටලූවට විසඳුමක් ලැබෙනු ඇතැයිද ඔහු අවධාරණය කර සිටයි.

අද වන විට හාල් කිලෝව රුපියල් 130ක් පොල් ගෙඩිය රුපියල් 100ක් සීනි කිලෝව 150ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා පැවසුයේ, සමගි ජනබලවේගයේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

රාජපක්ෂවරුන් බලයට ඒමට පෙර පොරොන්දු වූ සහන මල්ල දෙන ලෙස ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

 

පොල් ඇමති මාධ්‍ය සංදර්ශනයක !

coconut minister”පොල් කඩන කම්කරුවෙක් ගහකට නගින්න රුපියල් 100 ක් ගන්නවා’

මේ අතර දංකොටුවේ පිහිටි සිය වත්තේ දී ඊයේ (18) මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වූ පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රීත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පොල් ගසකට නැග, විපක්ෂය පොල් මිල සම්බන්ධයෙන් නගන චෝදනා වලට ප්‍රතිචාර දැක්විය.   ලෝක වෙළෙඳපොළේ පොල් ආශ්‍රිත නිෂ්පාදනවල ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් ලංකාව තුළත් පොල් මිල ඉහළ ගොස් ඇතැයි ඔහු එහිදී කියා සිටියේ, පොල් ගෙඩි කිහිපයක් ද කඩා බිමට දමමිනි.

පොල් ගසේ සිට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, පොල් කඩන කම්කරුවන්ට ගසකට රුපියල් 100ක මුදලක් ලබා දිය යුතු බවය.

පොල් කැඩීම හා රා නිෂ්පාදනය සඳහා අවශ්‍ය කම්කරුවන් සොයා ගැනීම පවා මේ වන විට අපහසු වී ඇතැයි පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, පොල් මිල කෙතරම් ඉහළ ගිය ද පිටරටින් ගෙන්වීමට කටයුතු නොකරන බව ද පැවසීය.

”පොල් කැඩීම හා රා නිෂ්පාදනය සඳහා අවශ්‍ය කම්කරුවන් සොයා ගැනීම පවා මේ වන විට අපහසු වී ඇතැයි පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, පොල් මිල කෙතරම් ඉහළ ගිය ද පිටරටින් ගෙන්වීමට කටයුතු නොකරන බව ද පැවසීය.”

අරුන්දික ප්‍රනාන්දු ඇමතිවරයා පොල් ගසට නැඟීම සඳහා වරකාපොල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් නිෂ්පාදනය කළ යන්ත්‍රයක් උපයෝගි කර ගැනීම ද මෙහි විශේෂත්වයක් විය.

එම උපකරණය ඉදිරි මාස කිහිපය තුළ දී මෙරටට හඳුන්වා දීමට කටයුතු කරන බවද  ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

පොල් මිල බස්සන වැඩපිළිවෙලක් !

මේ වන විට වෙළෙදපොළේ පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 100කට ආසන්න මිලකටය. පොල් අස්වැන්න අඩු වීම හේතුවෙන් පොල් මිල ඉහළ ගොස් ඇති බව පොල් වෙළදුන් පවසති.

පොල් මිල සම්බන්ධයෙන් ඉකුත්දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද අවධානය යොමුව ඇත. මේ දිනවල සීග්‍රයෙන් ඉහළ යමින් ඇති පොල් මිල පාලනය කිරීම සදහා නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට එහිදී තීරණය කර තිබේ.

එහි එක් අදියරක් ලෙස පොල් අස්වැන්න වැඩි කිරීම සිදුකරනු ඇති අතර ඒ සදහා පුරන් කුඹුරු සහ රජයේ ඉඩම්වල පොල් වගා කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

එමගින් දිනෙන් දින ඉහළ යන පොල් මිල පාලනය කිරීමට හැකිවනු ඇති බව අරුන්දික ප්‍රනාන්දු ඇමතිවරයා ‘නෙත් නිව්ස්’ වෙත කියා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article