spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පිටිපන ලෙල්ලමේ ධිවරයන්ට දුන්ගාල්පිටිය පොලිසිය වයර් සහ පොලුවලින් පහර දීලා ?

Must read

IMG_20200605_084735IMG_20200605_084741දුන්ගාල්පිටිය පොලිසියේ ඇතැම් නිලධාරින් සැබැවින්ම හැසිරෙන්නේ පිස්සන්ට හැතැප්ම නැති ගානටය.ධීවරයන්ගේ ජිවන වෘත්තිය ගැන මෙලෝ මලබෝලයක්  නොදන්නා ලෙසින් හැසිරෙන  මේ නිළධාරින් ජුනි 03 වනදා දවල් පැමිණ නියෝග දි තිබුනේ පිටිපන ලෙල්ලම් සියල්ල ජුනි 04 වෙනිදා සහ 05 වෙනිදා  ලෙල්ලම් වසා දමන ලෙසය.
ඒ වන විටත් එදින ගෙනවිත් ඉතිරිවි තිබුන මාළු අයිස් දමා තිබුනේ පසුදා විකිණිමටය.
ලෙල්ලම් වසා දැමිම නිසා ඒවා කොළඹ යවන්නට ධීවර ව්‍යාපාරිකයන්ට සිදුව තිබුණි.
දින 2 කක් වසා දැමිමට නියෝග දි ධිවරයන් අසරණ කර සිටි මේ පොලිසිය යළිත් අද දැනුම් දි තිබුනේ අද ලෙල්ලම් විවෘත කරන ලෙසය.
දින 2 ක් වසා ඇතැයි ගැනුම්කරුවන් දැනගෙන සිටි නිසාවෙන් ගැනුම්කරුවන් අද පැමිණ තිබුනේ නැත.
එබැවින් ධිවරයන් සහ ධිවර ව්‍යාපාරිකයන්ට සිදුවුයේ මාළු අයිස් දමා හෙට විකිණිම සදහා සුදානම් කරන්නටය.
පිස්සන්ට හැතැප්පම නැති ආකාරයෙන් නියෝග දෙන සහ ඒ නියෝග එසැනින් වෙනස් කරන දුන්ගාල්පිටිය පොලිසියේ ඇතැමුන්  ඉන් නොනැවති ඊයේ දිනවල පිටිපන ලෙලල්ලමේ ධිවරයන්ට වයර් සහ පොලුවලින් පහර දි ඇත.
එපමණක් නොව මාලු ලැලිද පෙරලා දමා තිබුණ බව ධිවරයෝ කියා සිටිති.
කොරෝනා සහ ඇඳිරි නිතිය නිසාම රැකියාව හරි හැටි කරගෙන යන්නට බැරිව අදායම් නැතිව අසරණව සිටින ධිවරන්ට සහ ධිවර ව්‍යාපාරිකයන්ට අමානුෂික ලෙස පහර දිම සැබැවින්ම නිහින ක්‍රියාවකි.
පොලිසියට ඇති බිය නිසා තමන්ගේ මුහුණ නොදමන ලෙස ඉල්ලා සිටි ධිවරයෙකු අද අපට වයර් පහර වැදි තුවාල වු අත්පෙන්වමින් කියා සිටියේ දුන්ගාල්පිටියේ පොලිසියේ ඇතැම් නිලධාරින් පිස්සන් ලෙසින් හැසිරුන බවය.
අපට දැනගන්නට ලැබුන තොරතුරු අනුව මේ තිරිසන් පහරදිම සිදුකරන්නට මැදිහත්ව ඇති එක් අයෙකු  නිශාන්ත නැමැත්තෙකි.
දුන්ගාල්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා මේ ගැන වහාම පියවර ගතයුතුව තිබේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් දුන්ගාල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ පවතින තත්වය හමුවේ ලෙල්ලම්වල ප්‍රධානින් සමගින් සාකච්ජා කොට දින 2 කක් ලෙල්ලම වැසිමේ තීන්දුව ගත් බවය.පසුගිය කාලය පුරාවට තමන් පුද්ගලිකවම මැදිහත්ව ධිවරයන් සහ ධිවර ව්‍යාපාරිකයන් සමගින් සුහදව ලෙල්ලම්වල පාලනය ගැන අදාල කටයුතු සාර්ථකව මෙහෙයවා ගෙන ගිය බවත් එයට ධිවරයන්ගේ මෙන්ම ධිවර ව්‍යාපාරිකයන්ගේද සහය නොමදව ලැබුන බවත්ය.
එහෙත් ඊයේ දිනයේ එක් පොලිස් නිළධාරියෙකුගේ නොමනා හැසිරිමක් හේතුවෙන් වු සිදුවිම සැබැවින්ම කණගාටුදායක බවත් එයට අදාල නිලධාරියාව කැදවා ඒ ගැන අදාල පියවරයන් ගන්නා බවත් කියා සිටියේය.
අමාරුම කාලයේ ඉතා සාමයෙන් සුහදව කරගෙන ගිය සාර්ථක පොලිස් රාජකාරිය කරගෙන ගිය බවද යළිත් වරක් අවධාරණය කළ ස්ථානාධිපතිවරයා කියා සිටියේ ඊයේ දිනයේ අදාල පොලිස් නිළධාරියාගේ හැසිරිම සැබැවින්ම කිසිසේත්ම එකඟවිය නොහැකි බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article