spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පුපුරන ද්‍රව්‍ය යොදා මසුන් මරන්නන්ට දැඩි දඩුවම්.

Must read

coral-reef-presentation-19-728

ශ්‍රීලංකා නාවික හමුදාව හා වෙරළ ආරක්ෂක අංශ විසින් පුපුරන ද්‍රව්‍ය යොදාගෙන මසුන් අල්ලන පුද්ගලයන් වෙනුවෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කලත් තවමත් එලෙස තහනම් ක්‍රියාවන් භාවිතා කරමින් මසුන් මැරීම සිදුවන බවට වන සිදුවීම් වාර්ථා වන නිසා තවදුරටත් එවැනි පුද්ගලයන්ට විරුද්ධව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා සියළුම ආරක්ෂක අංශවෙත දැනුම් දී තිබෙනවා.

ඩයිනමයිට් වැනි පුපුරන ද්‍රව්‍ය යොදාගෙන මසුන් මැරීමෙන් වැලකී සිටින ලෙස තමන් සියළුම ධීවරයන් වෙත දැනුම්දී ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා පැවති වැවක් සමග ගමක් මැයෙන් සංවිධානය වූ උත්සව අවස්ථාවකට සහභාගීවෙමින් පවසා සිටියා. මසුන් යනු අපගේ සම්පතක් බවත් ඩයිනමයිට් වැනි පුපුරන ද්‍රව්‍ය භාවිතා කරමින් සිදුකරන මසුන් මැරීම නිසා මුහුදු පතුලට විශාල හානියක් වන නිසා එමගින් මත්ස්‍ය සම්පත වදවී යාමේ හැකියාවක් පැවතින බවත් එතුමා මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

මෙරට මත්ස්‍ය සම්පත වදවී යාමේ තර්ජනයට ලක්වීමට ප්‍රධානතම හේතුව වන්නේ තහනම් මසුන් ඇල්ලීමේ ක්‍රමවලින් මසුන් දඩයම් කිරීමට ධීවරයන් යොමුවීමයි. ඩයිනමයිට් වැනි පුපුරන ද්‍රව්‍ය වලට අමතරව පසුගිය යුධ සමයේදී ප්‍රබල බෝම්බ නිෂ්පාදනය කිරීමට යොදාගත්  C4 වර්ගයේ පුපුරන ද්‍රව්‍යන්ද ඇතැම් පිරිස් විසින් මේ වන විට මසුන් මැරීම සදහා යොදාගන්න බවද මේ වන විට වාර්ථා වනවා. මෙලෙස පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් මසුන් මැරීම සිදුවන බවට වැඩි වශයෙන්ම වාරථා වන්නේ නැගෙනහිර පළාතෙනුයි. පසුගිය 2015 වසරේදී මසුන් මැරීම සදහා යොදා ගැනීමට තිබූ C4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝ 8ක් සමග සයිනමයිට්,TNT, ජෙලට්නයිට්,ඩෙටනේටර් වැනි පුපුරන ද්‍රව්‍යයද ඒ සමගම සොයාගෙන තිබෙනවා.
පුපුරන ද්‍රව්‍ය වලින් මසුන් මැරීමේදී ඔවුන්ගේ ප්‍රමණය වර්ගය වැනි සාධක සැලකීමෙන් තොරව විශාල මසුන් පිරිසක් විනාශ වීම සිදුවන නිසා මේ වන විට මඩකලපුව මුහුදු තීරයට මිය ගිය මසුන් විශාල වශයෙන් ගොඩගසන බවත් වාර්ථා වෙනවා.පුපුරන ද්‍රව්‍ය මසුන් මැරීමට යොදාගන්නා සියළුම ධීවරයන් අත්අඩංගුවට ගැනීමටත්, මේ ආකාරයේ පුපුරන ද්‍රව්‍ය ධීවරයන් වෙත ලැබෙන්නේ කෙසේද යන්න පිලිබද පරීක්ෂණ පැවැත්වීමටත්, එවැනි පුපුරන ද්‍රව්‍ය අලෙවි කිරීම තහනම් වන නිසා ඒවා විකිණන පිරිස් අත්අඩංලුවට ගන්නා ලෙසත් එ අවස්ථාවේදී අමාත්‍යවරයා පොලීසියට හා සියළුම ආරක්ෂක අංශවෙත දැනුම් දී තිබෙනවා.
මුහුදට දැමූ පුපුරානොගිය පුපුරන ද්‍රව්‍ය
මුහුදට දැමූ පුපුරානොගිය පුපුරන ද්‍රව්‍ය

 

jowr
jowr

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article