spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පුරපතිගේ ගෝලයෝ කාණු උඩ හදපු කඩ ගැන නාගරික කොමසාරිස්තුමිය නිහඩ ඇයි ? ?

Must read

DSC_1043මිගමුව අදායම් නිළධාරියෙකු විසින් කාණු රක්ෂිතයක් මත ඉදිකරන ලද තට්ටු දෙකේ කඩ පේලිය

එක දවසකට එක වැඩක් යනුවෙන් කියන දයාන් ලංසා අද පෙරියමුල්ලේ එක්තරා අනවසර තැනක් ඉවත් කිරිම සදහා විශාල පිරිසක්ද රැගෙන පොලිස් ආරක්ෂාවද සහිතව දැවැන්ත මෙහෙයුමක් දියත් කරමින් ඔහුගේ මුහුණු පොත් සටහන් තබා තිබුනේ මිගමුවේ තිබුන අන්තිම අනවසර තැනද මම ඉවර කරයා යැයි කියා විරයාට අදිමිනි.
එහෙත් මේ විර ක්‍රියාව රෙද්ද පල්ලෙන් බේරෙන්නට ගත්තේ මීගමුව් සියලු කුණු කාණුවල අප ජලය මිගමුව කලුපුවට ගලා බසින ප්‍රධාන මහකාණුවේ රක්ෂිත ප්‍රදේශය අල්ලා දැනට තට්ටු ගොඩනැගිල්ල ඉදිකර තිබෙන අදායම් නිලධාරියෙකු වු ජයනාත් නැමැත්තාද අද පෙරියමුල්ලේ අනවසර තැන් ඉවත් කිරිමට පැමිණි ඇති අයුරු පුරපති ගේ මුහුණු පොතේ සාක්ෂි වලින් එලියට දමා තිබිම නිසාය.Lansa 1
එබැවින් මේ සියලු මාධ්‍ය සංදර්ශණ සියල්ල  ගැන මිගමුවේ බුද්ධිමත් ජනයාට ඇත්තම තත්වය කිමට ඇති එකම මාධ්‍ය ලෙසින් මිපුර වෙබ් අඩවිය මොනතරම් බාධාවන් යටතේ වුවද ලංසා පාලනයේ එක දවසට ඇති එක කැත වැඩක් නිරන්තරනේම හෙළිකරමින් සිටින්නෙමු.commisioner 3

මිගමුව පෙරියමුල්ලේ ප්‍රබල එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයෙකු වු ගන්ටන් නැමැත්තාට අයිති ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන ආයතනයක වැලි ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය කාණුවක් අසල තබා තිබිම නිසා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
දැන් දයාන් ලංසා මෙම අනවසර තැන් ඉවත් කරන්නේ ඔහුගේ ගෝලයන් විසින් මිගමුව පුරාවට අනවසර තැන් සිය ගණනක් නිදැල්ලේ පවත්වාගෙන යමින් තිබියදිය.
බළලුන් ගල් උඩ කැත කළ විට සිදුවන්නේ කුමක්ද ? අද ලංසා පාලනයට සිදුව ඇත්තේද එයමය.

 මීගමුවේ අප ජලය බැහැර කිරිම සඳහා ඉදිකෙරුණ කාණු පද්ධතිය නිසි ප්‍රමිතියකින් නිමකිරිමට අපොහොසත් වු ලංසා පාලනය එහි නියමිත මුදල් කල් ඇතිව අවසන් කරගෙන තිබුණ නිසා මේකි  අප ජලය කලපුවට මුදාහරුණේ කිසිඳු පිරිපහදුවකින් තොරවය.
ව්‍යාපෘතියට අනුුව නම් එය නිසි ප්‍රමිතියකින් යුතුව පිරිපහදු කිරිමට පියවර ගත යුතු තිබුණි..
ඉන් නොනැවතුන ලංසා පාලනය මේ කාණු රක්ෂිතය අල්ලා තට්ටු ගොඩනැගිල්ලක් ඉදිකරගැනිමට සිය සහචරයන්ට ඉඩසලසා දිමය.

සල්ලි ලැබේනම් ඕනෑම දෙයක් කරන්නට සූදානම්වූ පාලකයින්ට පින්සිදුවන්නට තමන්ගේ අරමුණු ඉටු කරගත් මේ කඩකාරයෝ ඉහතකී බලධාරීන්ට පඩුරු පාක්කුඩම් සපයා තමන්ගේ වෙළහෙළදාම් දිගටම කරගෙන යාමට සමත්වී ඇත.

මේ පිළිබදව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වරයෙකුවූ ලලිත් ටෙන්සිල් මහතාගෙන් විමසා සිට අවස්ථාවේ ඔහු කියා සිටියේ මේ සම්බන්ධව ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරන බවය.
අනවසර ඉදිකිරිම් ඉවත් කරනවා යැයි කියමින් මාධ්‍ය සංදර්ශන පවත්වන වත්මන් පාලකයන්ගේ ඇත්ත කෙරුවාව මිගමුවේ බදුගෙවන ජනයා අනිවාර්යෙන්ම දැනගත යුතුය.
මාධ්‍ය වලින් කොයිතරම් පුම්බන්නට උත්සාහ කළද ඉදිරියේදි මේ සියළු අනිතික ක්‍රියා ලංසා පවුලටම පාරා වලල්ලක් වන දිනය වැඩි ඈතක නැත..

ඡායා- නගරාධිපති මාධ්‍ය අංශයෙනි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article