spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පෙස්ටස් ⁣ගෙන් තොරව නිරෝෂන් පෙරේරාට පැවැත්මක් නැතිද?

Must read

පෙස්ටස් ⁣ගෙන් තොරව නිරෝෂන් පෙරේරාට පැවැත්මක් නැතිද?
ඊයේ දෙසැම්බර් 16 වෙනිදා නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් පිදුම් ලැබීමේ දේශපාලන ජයග්‍රහණය සැමරීමට පෙළපාලි හා හා සැමරුම් මුලු රටේම සංවිධානය වී තිබිණි. ඒ අනුව වෙන්නප්පුව හා අවට ප්‍රදේශ තුල ද එක්සත් ජාතික පක්ෂ කාර්යාල වලත් සැමරීම් සිදුවිය. කිරිමැටයාන ප්‍රදේශයේද පෙළපාලියක් පැවැත්විණි. මේ අතර තුරදී කිරිමැටියාන හන්දියට ආසන්නයේ ත්‍රීවිල් සංගමයේ යම්කිසි ප්‍රශ්නයක් හට ගෙන ඇති අතර මෙම ගැටුම ⁣පොහොට්ටුවේ හා එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් වන ත්‍රීවීල්කරුවන් අතර ඇතිවූ ආරවුලකි. මෙම ප්‍රශ්නය විසඳීමට පා.මන්ත්‍රී නිරෝෂන් පෙරේරා සහ වෙන්න්ප්පුව ප්‍රාදෙශීය සභාපති සුසන්ත පෙරේරාද මැදිහත් ව තිබේ.
මෙහිදී පොහොට්ටුවේ ආධාරකරුවන් ද එජාප අධාරකරුවන් අතර වචන හුවමාරු සිදුවූ බවද සැලය. ඒවාට පිළිතුරු ලෙස පා.මන්ත්‍රී නිරෝෂන් පෙරේරා පවසා ඇත්තේ
” පුලුවන්නම් මාත් එක්ක හැප්පිලා බලමු මම පෙස්ටස් පෙරේරාගේ පුතා ” යනුවෙනි.
පා.මන්ත්‍රී නිරෝෂන් පෙරේරා ජනතාව අතරින් පැමිණි දේශපාලකයෙකු නොවන බව ප්‍රදෙශයේ කවුරුත් දනී. පෙස්ටස් පෙරේරාට තිබූ ජනපදනම මෙන්ම ඔහු ප්‍රදේශයේ ජනතාව සමග පැවැත්වූ සමීප සම්බන්ධය නිරෝෂන් පෙරේරාට නොමැත්තේ ඔහු සිය පියාගේ අනුහස පාවිචිචි කරමින් පමණක් පැරිෂුට් දේශපාලනයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ බැවිනි. මේ වනවිටත් ⁣වෙන්නප්පුව එක්සත් ජාතික පක්ෂ කාර්යාලය අවට එල්ලා ඇත්තේ පෙස්ටස් පෙරේරාගේ ගුණ සමරුය. තෝප්පුව පාලම අසල ද පෙස්ටස් පෙරේරාගේ ගුණ සමරමින් විශාල කටවුට් එකක් ගසා ඇත.
මේ හෙවනැල්ලෙන් මිදීමය නිරෝෂන් පෙරේරාට හැකිවන්නේ නැත. තමන්ගේ දේශපාලන පෞර්ෂය පිළිබඳව තමන්ට විශ්වාසයක් නොමැති නිසාම සිය ආසනය තුළ ජනප්‍රිය දේශපාලන තරුණ නායකයෙකු වන නීතික චිත්‍රාල් පෙරේරාට පාර්ලිමේන්තුවට යාමට තිබු අවස්ථාව …වල කපන ලදී. එපමණක් චිත්‍රාල් ⁣ප්‍රනාන්දුට එරෙහිව පුත්තලම් දිස්ත්‍රික්කය තුළ කරන්නට පුලුවන් සියලුම කෙනෙහිලිකම් සිදුකරමින් සිටී. වරක් පාර්ලිමේන්තු මැතිවරණයට නොමිනේෂන් බලාපොරෙතේතුවෙන් සිටි චිත්‍රාල් ප්‍රනාන්දුව කපා දැමීමට හලාවත හිටපු නගරාධිපති හිලරි ප්‍රසන්න මහතාව ශ්‍රි.ල.නි.ප යෙන් එජාපයට හරවා සිරිකොතට කැඳවාගෙස් ඔහුට කාමයෝජනා ලබාදීමට කටයුතු කළේ නාමායෝජනා බලාපොරොත්තුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු සිරිකොත තුළ සිටියදමය.
කිංසිලාල් ප්‍රනාන්දු පුත්තලම් දිස්ත්‍රික් හිටපු වයඹ පාළාත් සභා මන්ත්‍රීවරයෙකි. ඔහු මහින්ද රාජපක්ෂ රජය පෙරලීමට අප ඇටයක තරම් දේශපාලනයක් සිදුනොකළ පුදලයෙකි. වරක් එක්සත් ජනතා නිදහස් සන්ධානය පැත්තට පැන නැවත එජාපයට පැන්න පුද්ගලයෙකි.
පා.ම.නිරෝෂන් පෙරේරා පසුගිය දිනවල වෙන්නප්පුව ආසනයේ සංවිධාන කටයුතු වලට මෙම පුද්ගලයා යොදවා ගෙන තිබුණි. හේතුව චිත්‍රාල් වැනි ජනප්‍රිය හා දක්ෂ තරුණ දේශපාලකයාට ඇති බිය නිසා බව කවුරුත් පිළිගනිති. තමන්ගේ ආසනය තුළ තවත් දේශපාලකයෙකු නැඟී සිටීමට ඇති බිය නිසා දේශපාලන වශයෙන් බංකොලොත් කිංසිලාල් වැනි ප්‍රතපත්තියක් නැති පුද්ගලයින්ව ද ලංකරගැනීමට සිදුවී ඇත.
මේවා සම්බන්ධයෙන් එජාපයේ ඉහළ නායකයන් දැනුවත්ද නැද්ද කිසිවෙකුත් නොදනී. එක්සත් ජාතික පක්ෂය තුළ තරුණ නායකත්වයට ඉදිරියට එ්මට නොහැකි ප්‍රධාන දේශපාලන ගැටළුවද පක්ෂය තුළ ඇති මේ පවුල් දේශපාලන ධූරාවලියයි. මේ නිසා පක්ෂයට මෙන්ම රටට ද අගතියක් සිදුවී ඇත. මෙයින් පක්ෂය මුදවා ගැනීම දැන්වත් සිදුවිය යුතුය. චිත්‍රාල් ප්‍රනාන්දු වැනි දක්ෂ තරුණ නායකයින් පුත්තලම් දිස්ත්‍රික්කයේ ඉදිරියටම ආ යුතු අතර එජාපයේ පවුල්වාදී දේශපාලන පොල්මංකාර නිරෝෂන් පෙරේරලාගේ සියලු කෙණෙහිලිකම් වලට මුහුණ දෙමින් ප්‍රතිපත්තිගරුක දේශපාලනයක නිරත වන නීති…චිත්‍රාල් ප්‍රනාන්දු වැන්නන් අගය කළ යුතු අතර ඔවුන්ව ඉදිරියට ගැනීම පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන නායකයින්ගේ යුතුකමකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article