spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පොලිසියද නොමග යවමින් මීගමුවේ මාධ්‍යවේදින් අතර ගැටුම් හදන පිරිසක් ගැන ඔත්තුවක්!

Must read

'Burnout' (head exploded).

රජයේ ප්‍රවෘත්ති  දෙපාර්තමේන්තුව මේ වන විටත් සිය හැදුනුම් පත නිකුත් කිරිමේදි දැනට පදනම් කොට ගෙන ඇති නිර්ණායකයන් පිළිබදව පුළුල් විමර්ශණයක් කිරිමේ අවශ්‍යතාවය අන් කවරදාකටවත් වඩා  දකිමින් සිටි.
එයට ප්‍රධාන හේතුව වි ඇත්තේ තනි පුද්ගලයෙකු විසින් විනෝදශයකට මෙන් යැයි කියා වෙබ් අඩවියක් අටවාගෙන රුපියල් 30000 ක් ගෙවා එය ලියාපදිංචි කරගෙන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැදුනුම්පතක අතේ තියාගෙන කරගෙන යන විගඩම් වැඩ හේතුවෙනි.
මේ ගැන මිපුර අපි නිරන්තරයෙන්ම අවදියෙන් සිටිනවා පමණක් නොව රජයේ ප්‍රවෘත්ති දේපාර්තමේන්තුවේ අදාල බලධාරින්ද මේ වන විට දැනුවත් කිරිමටය පියවර ගෙන තිබේ.එමෙන්ම වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයද මේ අරභයා පොලිසියේ අදාල උසස් නිළධාරින් සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානින් දැනුවත් කිරිමට මේ වන විට කටයුතු කරගෙන යමින් සිටි.
මෙවන් පුද්ගලයන්  මේ දිනවල පොලිසියද අමාරුවේ දමමින් මිගමුවේ සහෝදර මාධ්‍යවේදින් ගැන බොරු කථා කියමින් පොලිස් නිලධාරින් පවා අපහසුවට පත්කරන්නට පටන් ගෙන ඇති අයුරු අප ඉතා හොදින් දනිමු.
පොලිසියට කේලම්   කිමේන් නොනැවති තවත් ජනකණ්ඩායම් වෙතටද කේලම් කියන්නටද දැන්  පටන් ගෙනය.image

Vector cartoon of a man blowing up a balloon of gossip
මිගමුව දේදුණු නගරයක් යන අදහස මිගමුව තුල සමාජය ගතකරන්නට හා ඒ වෙනුවෙන් නිවරදි මාධ්‍ය භාවිතාවක නියැලෙන්නට අප පසුගිය දශක කිපය පුරාම කටයුතු කළ අන්දම මේ නගරයේ බුද්ධිමත් ආගමික නායකයන් ඉතා හොදින් දනි.
රාජපක්ෂලාගේ මැර දේශපාලකයන් අපට පහර දි බියගන්වා අප අඩපණ කරන්නට සිතුවද එය එසේ නොවු බව  අප මිගමුවටත් රටටත් ක්‍රියාවෙන් ඔප්පු කොට ඇත.
දැන් රාජපක්ෂලාගේ  මුදල් වලින් ආතල් ගන්නා ඇතැම් ලයිසන් මාධ්‍යවේදින් යැයි කියා ගන්නා අතලොස්සක් ඔවුන්ගේ මාධ්‍ය ආයතනවලට පමණක් නොව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට නිගා දෙමින් සිටිති.
සිය හාම්පුතාලට ආතල් ලබා දි මිපුරට එරෙහිව අප ගේම ඉල්ලුවා යැයි කියමින් ගතමනාවක් ලබාගන්නා දීන තත්වයකට ඇතැමුන් වැටි ඇති අයුරු මීගමුවට දැන් රහසක් නොවේ.
එබැවින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉදිරියේදි මේ ගැන බරපතල ලෙසින් අවධානය යොමුකළ යුුතුව තිබේ.
ඒ මන්දයත් රුපියල් 30000 ක් ගෙවා ඉඩම් බ්‍රොකර් කෙනෙක්ටද දැන් මාධ්‍ය හැදුනුම් පතක් ගත හැකි මට්ටමට එය හෑල්ලුවට ලක්ව ඇති බැවිනි.එපමණක් නොව මාධ්‍ය වෘත්තියකට කිසිසේත්ම සුදුසුකම් නැති අශ්ලීල දුෂ්චරිත කිපයක්ම මේ වන විට මිගමුවේදි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැදුනුම් පත  කරේ දමාගෙන කරන කියන දැ නිරික්ෂනය කරන විට සැබැවින්ම හැගෙන්නේ මිගමුවේ මාධ්‍ය සංස්කෘතියට ගිය කල පිළිබදවය.
මේ චාරයක් නැති  කේලම්කරුවන්ට  රැවටි මාධ්‍යකරණයේ නියැලෙන මාධ්‍යවේදින් ගෙ නිදහසට බාධා කිරිමේ චෝදනාවට ලක්විමට  කිසිලෙසකින් වත් ඉඩක් නොතැබිමට  මිගමුවේ පොලිස් නිළධාරින් බුද්ධිමත්ව කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරමු.
මන්ද  මිගමුවේ ආරක්ෂාව පතා ඔවුන් වෙත සුවිශේෂි වගකිමක්ද පැවරි ඇති හෙයිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article