spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පොහොට්ටුවේ මත ගැටුම් ! බැසිල් පාර්ශවයට විමල්ගෙන් සැර පිළිතුරක් !

Must read

wimalජනාධිපතිවරණයට පෙර ඇතිකර ගත් එකඟතා මත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ‘පොහොට්ටුව’ ලකුණින් ඉදිරිපත් කරනු ලැබුවේ එළැඹෙන මහමැතිවරණයට පොදු සන්ධානයකින් පොදු ලකුණකින් ඉදිරිපත්වීමේ එකඟතාවය මතබව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් විරවංශ පවසයි.

එම එකඟතාවය ආරක්ෂා කළ යුතු බවත්, එම එකඟතාවය නොසලකා හැර කටයුතු කිරීමට තරම් විශේෂ තත්වයක් මතුවී නොමැති බවත් පවසන ඇමතිවරයා, තවදුරටත් මෙසේද කියා සිටියි.

”ජනාධිපතිවරණයේ ලැබ්ච්ච ඡන්ද ප්‍රතිඵලය දිහා බැලුවම ආසන 120 ක පමණ මන්ත්‍රීධූර සංඛ්‍යාවක් ඒ ඡන්ද ප්‍රමාණයේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණොත් අපිට හිමි වෙනවා. ඒ ඡන්ද ප්‍රමාණය අපි ගත්තේ සියලු දෙනාගෙන් එකට එකතුවෙලා ගොඩනැගිච්ච සමගියකින් මිසක් තනි බලපුළුවන්කාරකමකින් නෙවෙයි.

ඉතින් ඒ නිසා ඉදිරි මහ මැතිවරණයත් ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන මට්ටමේ ස්ථාවර ආණ්ඩුවක් හදන්න නම් සියලු දෙනාම එකට එකතුවෙච්ච් පොදු සන්ධානයකින් තරඟ වැදීම ඉතාමත්ම වැදගත්.

ජනාධිපතිවරණයට පෙර තිබ්ච්ච එකඟතාවය තමයි ජනාධිපතිවරණයට අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් කරන්නත් ඉන් අනතුරුව එළැඹෙන මහමැතිවරණයට පොදු සන්ධානයකින් පොදු ලකුණකින් ඉදිරිපත් ඉදිරිපත් වෙන්නත්.

ඉතින් අපි හිතනවා  ඒ එකඟතාවය ආරක්ෂා කළ යුතුයි. ඒ එකඟතාවය නොසලකා හැරලා කටයුතු කරන්න තරම් විශේෂ තත්වයක් ඇති වෙලා තියෙනවා කියලා අපි හිතන්නේ නැහැ.”

අමාත්‍ය විමල් විරවංශ මෙවැනි ප්‍රකාශයක් කරනු ලැබුවේ, ජනාධිපතිවරණයට පෙර ගැසූ ගිවිසුම්වල කුමක් සදහන් වුව ද ඉදිරි මැතිවරණය තරග කළ යුත්තේ පොහොට්ටුව ලකුණින් පමණක් බව සිය පෞද්ගලික වීශ්වාසය යයි බැසිල්වාදියකු වන කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග කල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

වීඩියෝ

මුලාශ්‍රය – theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article