spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හියුබට් කුණු රසය සොයා යයි.

Must read

2012  අප්‍රේල් 24    වනදා ලංකාදීප පුවත්පතේ    මීගමුව සම්බන්ධ පුවතක් පළවිය. එහි මාතාකාව ලෙස ‘‘ NGO    කාර්යාලයට යාබද ලදු කැලෑවේ මිනිස් ඇටසැකිල්ලක්” යොදා තිබුණි.

එමෙන්ම තවදුරටත් එම ප්‍රවෘත්තියේ ද ” මෙම  ඇටසැකිල්ල සොයාගෙන තිබුණේ මීගමුව මල්වත්ත පාරේ රාජ්‍ය නොවන සංවිධානයකට අයත් කාර්යාලයකට යාබද ලදු කැලෑ සහිත ඉඩමක තිබීයදීය. ” යන අදහස සදහන් කර තිබුණි.

මෙම ප්‍රවාත්තිය පළකොට තිබුණේ මීගමුව ප්‍රාදේශිය වාර්ථාකරු වන හියුබට් ප්‍රනාන්දු ගේ නමිනි.  මෙම  ප්‍රවෘත්තිය තුළ  නිමිත්ත වන්නේ මිනිස් ඇටසැකිල්ලක් හමුවීමයි. නමුත්   ‘ රාජ්‍ය නොවන සංවිධානයකට යාබද ඉඩමක‘ යන යෙදුම යෙදීමෙන්  එහි කතෘ හෝ ප්‍රවෘත්ති හෝ සංස්කාරක හෝ උත්සාහා දරා ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන  වල මෙවැනි සිදුවීම් වලට සම්බන්ධතාවයක් ඇති බව ඇගවීමට ද ?

නැතිනම් එම ඇටසැකිල්ල සහ රාජ්‍ය නොවන සංවිධානය අතර සම්බන්ධකමක් ඇති බව හැගවීමටද?  එසේ නොමැති නම් මල්වත්ත පාරේ මෙම ලදු කැලෑ සහිත ඉඩමට යාබදව වෙනත් ඉඩම් හෝ ගෙවල් නොමැති ද ? මෙම ඉඩමට අයිතිකරැවෙක් නොමැති ද? –  මෙම ප්‍රවාත්තිය දුන් පුද්ගලයා හෝ පළ කළ මාධ්‍ය ආයතනයට මෙතනින් යම් කුණුරසයක් මවා පුවත්පත අළෙවිකරගන්නට මාර්ගයක් පාදාගෙන ඇත. එයමේ රටේ පුවත්පත් කලාව පත්ව ඇති තත්වයයි.

මෙම ප්‍රවෘත්ති ආයතනයට මීගමුව ගැන ඇත්තටම කුණු රසය මවන්නට  අවශ්‍ය නම්  මිගමුව  ප්‍රදේශයේ   ඕනෑ තරම් සිදුවීම් තිබේ.  ඒ සදහා හියුබට් ප්‍රනාන්දුට අවැසි නම් අපට උදව් කරන්නට ද පුලුවන. නැගල යන පුවත් මාධ්‍ය වල පළකරගැනිමට ප්‍රාදේශිය මාධ්‍යවේදින්ට ඇති ඕනැකම අප දනිමු .එහෙත්   මාධ්‍ය කලාව  මේ අකාරයට පහත් මට්ටමට හෙලීමට වඩා  වෙනත් ජීවිකාවක් සොයා ගැනීම වඩාත් සුදුසු නොවන්නේදැයි අපට එවන් අයගෙන් අහන්නට සිදුව තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article