spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බත් පාර්සලයක් රු 20 කින් ! තේ එකක් රු 5 කින් ඉහලට ….

Must read

රට දැවැන්ත අර්බුදයක් කරා ගමන් කරමින් තිබේ. දිනෙන් දින ඉහල යන බඩුමිළ දරාගැනිමට නොහැකි තත්වයකට ජනයා පත්වෙමින් සිටියදි ආහාර පාන ක්ෂේත්‍රයේ ව්‍යාපාරද දැන් සිය වියදම් ඉහල යාම නිසා විසදුම් සොයන්නට පටන් ගෙනය.

ඒ් අනුව හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි බත් පාර්සලයක සහ ප්ලේන්ටියක මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අද පැවති මාධ්‍ය හමුවක දී ආපනශාලා හිමියන්ගේ සංගමය මේ බව ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව බත් පාර්සලයක් රු 20කින් ඉහළ යන අතර, ප්ලේන්ටියක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර නව මිල ගණන් යටතේ මාළු කෑම පාර්සලයක් රුපියල් 200ක්, එළවළු කෑම පාර්සලයක් රු 160ක් ලෙසත් ඉහළ යන අතර මස් කෑම පාර්සලයක් රු 230 – රු 250ත් අතර වන වැඩිදුරටත් සංගමය විසින් පවසා තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article