spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බදු මුදල් රු.කෝටි 7 ක් අයියගේ ඡන්දෙට වියදම් කරපු නගරාධිපති දැන් බත්පාර්සල් එකතු කරනවා !

Must read

බත් පාර්සල්බත්මිනිස්සු අසරණ වුනාම උදව් කරන්න ඕනේ එකේ ආයේ දෙකක් නැ. ඒත් වැඩේ කියන්නේ මිගමු නගරාධිපති දයාන් ලංසා පහුගිය මැතිවරණයට අයිය වෙනුවෙන් බදු මුදල් රු කෝටි 7 කටත් වඩා වියදම් කරලා  දැන් බදු ගෙවන මිනිස්සුන්ගෙන්ම බත්පාර්සල්,බඩු පාර්ස එකතු කරනවා අසරණ පවුල් වලට දෙන්න .
කව්රු උනත් විපතට පත්වුන මිනිස්සුන්ට බඩගින්න නිවන්න මේ වෙලාවේ ඉදිරිපත් වෙන පිනක් . නමුත් නගරාධිපති දායන් ලංසාලගෙ මේ මර්සි වැඩවලට අහුවෙනවා කියන්නේ තව එකක් .

පහුගිය කොරෝනා කාලේ නිමල් ලංසා උදේ දත්මැදගන්න ඇත්තෙත් නගර සභාවේ ඇතුලෙ ඉදන් . කොරෝනා නිසා පිඩාවට පත්වුන අයගැන තිබුනේ ඒ තරම් ලොකු කැක්කුමක් .පාන්දරම එනවා. නිලධාරි කැදවනවා. බඩු පාර්සල් කරනවා . මනාප වලට තිබුන ආදරේ හින්ද මිගමුවට විතරක් නෙමේ ගම්පහ දිස්ත්‍රික්කෙටම බඩු බෙද්දා සුද්ද වගේ .ඇයි තාත්තගේ සල්ලි නෙමෙයිනේ . මහජන බදු මුදල්නේ

මරණෙකටවත් රු 5000 ක් දෙන්න නැ නගර සභාවේ සල්ලි නැ කියපු දායන් ලංසා කෝටි 7 ක් විසි කරනවා අයියාගේ මනාප සෙල්ලමට .
ඉතින් දැන් ඒ වගේ කපටි දේශපාලකයෙකුට බත් අදින බෙදන්න පාර්සල් අරන් ගිහින් දෙන අය ගැන  මොකද හිතෙන්නේ .
පව් කියල තමයි .එහෙම කරපුවම මේ කපටි රැල තවත් චුන් වෙලා අම්බානකට මේ හිත හොද මිනිසුන්ව අන්දනවා.

අර මිපුර චයිනිස් එකේ ප්‍රියන්ත වගේ කෙනෙකුත් ඇන්දුනා කියපුව ඇත්තටම පව්.හොද මනුස්සයා .රටේ ලොකේ රවුම් ගහලත් තියෙනව.හැබැයි හිත හොද වැඩිකමට කපටියන්ට අහුවෙනවා

(අපි දන්න ව්‍යාපාරිකයෝ හිටිය පහුගිය කොරෝනා ආපු කාලේ නොකර සද්ද රු ලක්ෂ ගණන් වියදම් කළා අවදානම් අරගෙන සේවය කරන රෝහල් කාර්ය මණ්ඩල වල සේවය කරපු අයගේ කුසගින්න නිවන්න. ඒ හින්ද කපටි දේශපාලකයන්ට ලකුණු එකතු කරන්නෙ නැතුව ස්වාධිනව අතදිගහැරල හොද හිතන බෙදන මිනිස්සු දැනුත් මිගමුවේ ඕන තරම් ඉන්නවා .)

දන්න තරමින් රස්සාවක් නොකරපු දයාන් ලංසා රු කෝටි 3 කටත් වැඩි ගෙයක් හදනවා . අයියට අත දිගහැරලා බදු මුදල් ඡන්දෙට වියදම් කරනවා .දැන් ෆෙස් බුක් එකෙන් ෆේක් වැඩවලට මිනිස්සු අන්දනවා
ඉතින් එහෙව් කපටියන්ට අහුවෙන්න තරම් මෝඩයෝත මිගමුවේ තවත් ඉන්නවද.
නැති බැරි අයට උදව් කරන්න ඕනේ නම් එයාලව හොයාගන්න ග්‍රාමසේවක මහත්තුරු හරහා . බෙදන බඩුවක් එයාල හරහා දෙන්න තරම් බුද්ධිමත් වෙන්නේ .
එහෙම නැතුව ලංසාල මේ මර්ෂි ගැටවලට අහුවෙන්න එපා .
දකිල ෆර්නැන්ඩස්
පෙරියමුල්ල

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article