spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බය නැතුව දරුවන්ව හෙට පාසැලට එවන්න ! හමුදාපතිගෙන් ඉල්ලිමක් !

Must read

Maheshආරක්ෂාව තහවුරු කර ඇති හෙයින් අනියත බියකින් තොරව හෙට දිනයේ සිට තම දරුවන් පාසල් වෙත යොමුකරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානයක මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් දෙමව්පියන්ගෙන් ඉල්ලිමක් කර ඇත.

“අවාසනාවන්ත ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් සමාජයේ ඇතිවූ කම්පනය හා බිය නිසා ශ්‍රී ලාංකිකයන්ගේ ජන ජීවිතයේ බොහෝ කටයුතු අඩාල වුණා. එම ප්‍රහාරයෙන් පසුව රජයේ හා පෞද්ගලික අංශ සේවකයන් සේවයට පැමිණීමේ අඩුවක් සිදුවණා. රට තුළ ආරක්ෂාව තහවුරු කර ජන ජීවිතය යථා තත්ත්තවයට පත්කිරීමට ත්‍රිවිධ හමුදාව හා පොලීසිය දැඩි කැපවීමකින් අවශ්‍ය ලෙස ආරක්ෂාව ලබාදීමට කටයුතු කර තිබෙන බවද එහිදි ඔහු විසින් අවධාරණය කර සිටි.

.මේ වසරේ දෙවැනි වාරය සඳහා පාසල් විවෘත කළ මොහොතේ පාසල්වල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබුණද පැතිර ගිය කටකතා හා තහවුරු කර නොගත් තොරතුරු හේතුවෙන් ආදරණීය දූ දරුවන් පාසල්වලට පැමිණිමට මැලිකමක් දක්වා සිටියද පුද්ගලික උපකාරක පංති වෙත තම දරුවන් යැවිමට දෙමව්පියන් විසින් කටයුතු කර තිබුණි.
මේ පිළිබද වරක් මාධ්‍ය හමුවේ සදහන් කරමින් කියා සිටියේ පාසැලට දරුවන් එවන්නට මැලි වු දෙම්පියන් ටියුෂන් පංතිවලට යැවිමට කටයුුතු කිරිම   තුල දේශපාලනයක් ඇති බවය.
හමුදාපතිවරයාද අවස්ථා කිපයකදි අවධාරණය කර ඇති පරිදි සැබැවින්ම දැන් මෙහි දේශපාලනයක් තිබේ.එනම් දරුවන් පාසැල් නොයවන තැනට බිය සැකය සමාජය තුල පතුරුවාලමින් පොහොට්ටුවේ න්‍යාය පත්‍රය රටතුල ක්‍රියාත්මක කරවිමය.
කෙසේ වෙතත් කතෝලික පාසැල් හෙට දිනයේත් මුළුමනින්ම විවෘත වන්නේද යන්න දැන් සැක සහිතය.මිගමුවේ ඇතැම් කතෝලික පාසැල් වල හෙට දිනයේ පැවැත්වෙන බව කියන්නේ උසස් පෙල පංති පමණක් බවය.
දරුවන් පාසැල් යැවිමට අදාල කාර්දිනල් තුමා සිටින්නේ හමුදාපතිවරයාගේ පැහැදිලි කිරිම් හමුවේ පවා වෙනස් නොවන ස්ථාවරයකදැයි සමාජය තුල කථාබහක් මතුව තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article