spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංසා පවුල ඇත්තටම ඇමති රිෂාඩ්ට විරුද්ධයිද ?

Must read

rishadඇමති රිෂාඩ්ට එරෙහි ව වු විශ්වාස භංගයට පොහොට්ටුවේ නිමල් ලංසා අවසන් මොහොතේ සිය අත්සන තබා ඇත. තතු එසේ වුවද නිමල් ලංසා එජාප දිනු මිගමුව ආසනයේ නගර සභා බලය ලබාගැනිම සදහා ඩීල් එක දැම්මේ රිෂාඩ් සමගින්ය.
ඇමති රිෂාඩ් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිධුරයක් දරමින් සිටියද ඔහුගේ පක්ෂයේ මොනරාගෙන් ඡන්දය ඉල්ලා කොටයෙන් ගොඩගිය ඊෂාක් නැමැත්තාගේ සහය හිමිවුනේ එජාපයට නොව මිගමුවේ අන්ත පරාජයක් ලැබු නිමල් ලංසාගේ  මලයා වන දයාන් ලංසා නගරාධිපති කරවිම සදහාය.
දායන් ලංසා නගර සභාවේ අද බලයේ සිටින්නේ ඒ අයුරින් අටවා ගත්ත මන්ත්‍රිධුර කිපයක් නිසාවෙනි.
මේ අතර කාර්දිනල් හිමිගේ මෙන්ම මිගමුවේ ජනයා අතර මහත් වු අප්‍රසාදයකට ලක්වු මිගමුවෙ නියෝජ්‍ය නගරාධිපති ෆරිස් ආයුධ තබාගැනිම පිළිබදව අත්අඩංගුවට පත්වේද්දි ඔහු බේරා ගැනිමට මුදල් හා සිය බලය යොදා කටයුතු කර තිබුනේ නිමල් ලංසා විසින් බව මිගමුව තුලත් රටපුරාමත් ප්‍රසිද්ධියට පත්විය.nimal dayan
කාර්දිනල් හිමියන් විසින් මේ පිළිදව ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවකදිද සදහන් කර තිබුනා පමණක් නොව නිමල් ලංසා අගරදගුරු නිවසින් කැපියාමට පවා මෙය හේතුවි තිබුණි.
මේ සියල්ල එසේ වර්ධනය වෙමින් තිබියදි දේශපාලන කරළිය උණුසුම් කළ ඇමති රිෂාඩ් ගේ විශ්වාස භංගයට නිමල් ලංසාගේ දේශපාලන හාම්පුතා වන බැසිල් රාජපක්ෂ පවා අත්සන් කර තිබුනේ නැත.
දැන් නිමල් ලංසා අවසන් මොහොතේ රිෂාඩ්ට එරෙහි විශ්වාස භංගයට අත්සන් තබා ඇත.එහෙත් සිය සහෝදරයා අද නගරාධිපතිධුරය දන්නේ රිෂාඩ්ලාට පින්සිදුවන්නටය. ඒබැවින් නිමල් ලංසාට හෝ දායන් ලංසාට ඇත්තටම රිෂාඩ් අත්හැරිමට නොහැකත
පොහොට්ටුව විසින් කැටයම් දමා රිෂාඩ්ට එරෙහි යද්දි මිගමුවෙ පොහොට්ටු පාලනය දරන නගරසභාවේ බලය රැදි ඇතතේ රිෂාඩ්ලා නිසා බව මිගමුවේත රටේත් ජනයා කිසිවිටකත් අමතක නොකරනු ඇතැයි සිතමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article