spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බර්නාඩ් සර් ඔබට සුබ ගමන්…

Must read

බර්නාඩ් එදිරිසිංහ අප බොහෝ දෙනෙකුගේ ජිවන දැක්මට නව ජවයක් එක් කළ ප්‍රධානතම ගුරුවරයෙකු විය.

ඒ දේශපාලන විද්‍යාව විභාග ලිවිමට එහා ගිය සමාජය කියවා ගැනිමට විද්‍යාවක් ලෙසින් අපට උගන්වමිනි.

ඒ හරියටම මීට අවුරුදු 40කටත් පෙරය.

පංති කාමරයක් තුල ගුරුවරයෙකුගේ ඉගැන්වීමේ විලාසයට සහ ඔහුටම ආවේනක වු බස හැසිරවිමේ කලාව අප බොහෝ දෙනෙකු ඔහුට සමිප කරවන්නට හේතුවිය.

එසේ ඇරඹුන ඒ ඇසුර පසුව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරියට ඇදුනේ විවිධ විෂයන් පිලිබදව ඔහු තුල වු ඒ අප්‍රමාණ දැනුම නොමදව බෙදා ගනිම

ඉරණවිල අරගලය සමයේ ඒ ගම්වල ජනයා සමගින් එකට සිටිමින් කරනු ලැබු මගපෙන්විම් සැබැවින්ම එහි පෝෂණයට රුකුලක්ම විය

මිගමුවේ ඉඩම් අහිමි ජනයා සහ සුළු පන්න ධීවරයන් සංවිධානගත කරමින් කටයුතු කළ ජනාවබෝධ කේන්ද්‍රයට ඔහුගේ දැනුම් බරසාර විග්‍රයන් සැබැවින්ම ප්‍රයෝජනවත් වත් වු අයුරු අදටත් සිහිවේ.

පසුකාලයක මාධ්‍ය ක්⁣ෂේත්‍රය තුලටද ඔහුගේ හවුල් විම තුල සමිපව නොවුනත් යම් අදහස් බෙදාගැනිමට උපදෙස් ලබාගැනිමට පසුබිමක් සකස් කරගැනිමටද ඔහු නිහතමානිව කටයුතු කලේය

විකල්ප මාධ්‍ය සංස්කෘතියක් බිහිකරලිමට අප දරන උත්සාහය ගැන ඔහුට තිබුනේ ඉතාමත් හොද ඇගයුමකි. එය අපට සැබැවින්ම දිරියක්ම විය

ඔහු සෑබෑ ,නිහතමානි ප්‍රඥයෙකි.අපත් සමාජයත් හදවතින් ආදරය කළ බොහෝ වියතුන්ට එහා ගිය හෙට ගැන නිවරදි කියවිමක යෙදුන මගේ ලෝකයේ සෑබෑම වියතා ඔහුය.

1982 වසරේදි කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා ආයතනයේදි අපට දේශපාලන විද්‍යාව කියා දුන්, ඒ දුඹුරු පාට ඇස් වලින් අපට කතා කළ ඔබගේ මුහුණ සදා මතකයේ රැදි තිබේ.

ඔබගේ දෙන අසල සිට සමුදෙන්නට අද මට නොහැකි වුවද, ඔබට සුබ ගමන් බර්නාඩ් සර්…

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article