spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ආනයනය කෙළේ ඉන්දියාවෙන් ද? – විපක්ෂනායක විමසයි

Must read

sharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන්ට කොරෝනා ආසාදනය වී ඇත්තේ

සැප්තැම්බර්  22 දින ඉන්දියාවේ විශාකාපට්ටම් සිට මත්තල දක්වා පැමිණි යූඑල් 1159 දරණ යානයෙන් ශ්‍රී ලංකාවට ගොඩ බට ඉන්දීය ජාතිකයන් පිරිසකගෙන් යයි රාවයක් පැතිර යමින් තිබිය දී, ඊයේ (07) පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එහි ඇත්ත නැත්ත රටට හෙළිකරන ලෙස ආණ්ඩුවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

” අපට දැනගන්නට තිබෙනවා පරීක්ෂා කරන්නෙ නැතුව ඉන්දියානු ජාතිකයෙක් හෝ ඉන්දියානු ජාතිකයින් කණ්ඩායමක් මේ කර්මාන්ත ශාලාවට ඇවිල්ලා මේ දේ සිදුවුණායි කියලා. එහෙම ප්‍රශ්නයකුත් තියෙනවා. මේවා කටකතාද, සත්‍යයද, අසත්‍යයද මේ සියලු දේ පිළිබඳ මම බොහොම ගෞරවයෙන් කියනවා අපෙ ඇමති තුමියට කරුණාකරලා හෙළිදරව් කරන්න කියලා. ” විපක්ෂ නායකවරයා සෞඛ්‍ය ඇමතිවරිය ගෙන් ඉල්ලීමක් කළේය.

විපක්ෂනයකවරයා මෙසේ ප්‍රශ්න කරන්නේ, මෙම ඉන්දියානුවන් පිරිස ගෙන්වාගෙන ඇත්තේ බ්‍රැන්ඩික්ස් සමාගම විසින් කුළියට ගත් (චාටර්) ගුවන් යානයකින් බවටත්, බ්‍රැන්ඩික්ස් හිමිකාර අෂ්රොෆ් ඔමාර් ඉහළම දේශපාලන සබඳතා යොදාගනිමින් ඉහත කී ඉන්දීය පිරිස ලංකාවේ නියමිත නිරෝධායන ක්‍රියාදාමයෙන් තොරව රට තුළට ඇතුළු කර ගෙන ඇති  බවටත් රටපුරා රාවයක් පැතිරයමින් තිබෙන පසුබිමක් තුලය.

අෂ්රොෆ් ඔමාර් ජනාධිපති ගෝඨාභයගේ සමීපතම හිතවතකු වීමත්, බ්‍රැන්ඩික්ස් සමූහයේ ආරක්ෂාව බාර ප්‍රධානියා ලෙස කටයුතු කරන හිටපු ගුවන් හමුදාපතිවරයෙකු (2011 – 2014) වන හර්ෂ අබේවික්‍රම දින 52 මෛත්‍රී -මහින්ද ආණ්ඩුවේ, ලංකා බැංකුවේ සභාපතිවරයා පත්කර තිබීමත් මෙසේ කටකතා පැතිරයාමට හේතුවී තිබිණ.

 

බ්‍රැන්ඩික්ස් සමාගම කියන කතාව :

Ashraff Omar M rajapaksha

කෙසේවුවද විපක්ෂ නායකවරයාගේ ප්‍රශ්න කිරීම් හමුවේ ආණ්ඩුවේ ප්‍රතිචාරය පමා වෙද්දී බ්‍රැන්ඩික්ස් සමාගම ඊයේ (07) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත්තේ, සිය සමාගමට අයත් මිනුවන්ගොඩ කර්මාන්තශාලා පරිශ්‍රයට ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් කිසිදු පාර්ශවයක් පිවිස නොමැති බවයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

”අපගේ මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ විදෙස් ජාතිකයන් සේවය කළ බවට යම් ගැටළුවක් මතුවී ඇති අතර ඒ පිළිබඳ මෙලෙස පැහැදිලි කිරීමට කැමැත්තෙමු. මෙම කාලය තුළ ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් කිසිඳු පාර්ශ්වයක් මිනුවන්ගොඩ කර්මාන්තශාලා පරිශ්‍රයට ඇතුළත් නොවූ බව දන්වා සිටිමු. අපගේ කර්මාන්තශාලාව තුළ ඉන්දියාවෙන් ගෙන්වන ලද රෙදිපිළි භාවිත නොකළ බවත්, අපගේ ඉන්දියාවේ පිහිටි කර්මාන්තශාලාවෙන් කිසිඳු ඇනවුමක් භාර නොගත් බවත් පැහැදිලි කරමු.

විශේෂ ගුවන්යානා යොදවා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට කාර්යමණ්ඩල සාමාජිකයන් ගෙන්වා ගැනීම පිළිබඳ ද මෙලෙස පැහැදිලි කිරීමට කැමැත්තෙමු.

ඉන්දියාවේ විසාකාපට්නම්හි පිහිටි අපගේ කාර්මාන්තශාලාවේ සේවය කළ කාර්යමණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අප විසින් විශේෂ ගුවන්යානා තුනක් යොමු කරන ලදි.

COVID-19 වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා, PCR පරීක්ෂණ සිදුකිරීම, අදාළ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රජයේ අනුමත නිරෝධායන මධ්‍යස්ථානයක දින 14 ක් නිරෝධායනයට ලක්වීම, එතැන් සිට තවත් දින 14 ක් ස්වයං-නිරෝධායනයට ලක්වීම ඇතුළු ශ්‍රී ලංකා රජය විසින් නිර්දේශ කරන ලද සියලු පියවර එම කාර්යමණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අනුගමනය කළ බව අපි සහතික වන්නෙමු.

තවද, මෙම ශ්‍රී ලාංකිකයන් හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කිසිවෙකු මිනුවන්ගොඩ කර්මාන්තශාලා පරිශ්‍රයට ඇතුළු නොවූ බව ද සහතික වන්නෙමු.”
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article