spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බාධා පමුණුවා ඇති වෙබ් අඩවි නිදහස් කරන්නැයි PWJA ජනපතිගෙන් ඉල්ලයි !

Must read

PWJA 1PWJA 2 PWJA 5

FB_IMG_1514641029013වෙබ් ආචාරධර්ම පද්ධතියක් එළිදැක්විම නිමිති කොටගෙන අද ජයික් හිල්ටන් හෝටලයේ පැවති විශේෂ හමුවකදි වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය පහත දැක්වෙන ඉල්ලිම් මාලාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කරන ලදි.

 

සුභ දවසක් වේවා !

ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර මහතා ඇතුළු ආරාධිත අමාත්‍යවරුන්ගෙන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ද, ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍ය සංගමයේ සහෝදර මාධ්‍ය සගයෙන්ගෙන් හා ආරාධිත සියළුදෙනාගෙන් අවසරයි.

මාහට පැවරී ඇත්තේ පසුගිය කාලයේදී අප විවිධ අවස්ථාවලදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන්ගෙන් හා රජයේ උසස් නිලධාරීන්ගෙන් කරන ලද වෘත්තීය වෙබ් මාධ්‍ය කරුවන් පසුගිය කාලය පුරා මුහුණ දෙනු ලැබූ වෘත්තීය ගැටලු හා සාධනීය වෙබ් මාධ්‍ය කලාවක් රටතුළ ස්ථාපනය කිරීමට අවැසි මූලික ඉල්ලීම් මාලාවක් ඔබ හමුවේ තැබීමටය.

ගරු ජනාධිපතිතුමනි, පසුගිය කාලයේදී මාධ්‍යවේදීන් හා මාධ්‍ය වෘත්තිකයන්  44 දෙනෙකු ඝාතනයට ලක්වුණා. ඒ අතරින් 41 දෙනෙකුම දමිළ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වෘත්තිකයන්. කෙසේවුවද මේ දක්වාම කිසිදු දමිළ මාධ්‍යවේදියකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් කිසිදු පොලිස් පරීක්ෂණයක් පැවැත්වෙන්නෙ නැහැ. අප ඔබතුමන්ගෙන් ඉල්ලීමක්කර සිටිනවා ද සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග හා වෙබ් මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ මහතාගේ ඝාතන සම්බන්ධයෙන් සිදුකරනු ලබන පොලිස් පරීක්ෂණ මෙන්ම මේ අය සම්බන්ධයෙන්ද පොලිස් පරීක්ෂණ ආරම්භ කිරීමට කටයුතු කරන මෙන්..එසේම එසේ ඝාතනයට ලක්වූ පවුල්වල සාමාජිකයන්ගේ සුභ සාධනය සම්බන්ධයෙන්ද ඔබගේ අවධනය යොමුකරන ලෙසද අපි ඉල්ලා සිටිනවා.

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මාධ්‍යවේදීන් පැහැරගෙනයාම්, ඝාතනය කිරීම් සිදු නොවීම සම්බන්ධයෙන් අප සතුටු වෙනවා. කෙසේවුවද, යහපාලන රජය යටතේම අප සංවිධානයේ කැඳවුම්කරු ෆ්‍රෙඩී ගමගේ සහෝදරයා පහර කෑමට ලක්වුණා. එම පහරදීමට සම්බන්ධ එවකට නියෝජ්‍ය අමාත්‍යවරයකුව සිටි අයෙක් බව අප දන්නවා…එවැනි සිද්ධීන් සම්බන්ධයෙන්ද ඔබතුමන්ගේ අවධානය අපි අපේක්ෂාකර සිටිනවා…

පසුගිය ආණ්ඩු කාලයේදී වෙබ් අඩවි 8 ක් වාරණයට ලක්කර තිබුණා. අප සංගමයේ ද ඉල්ලීම පරිදි 2015 ජනවාරි 09 වෙනිදා ඔබතුමාගේ මූලිකත්වයෙන් ඇරඹි යහපාලන ආණ්ඩුව විසින් මේ සියලු අවහිරතා මුදාහරිනු ලැබුවා. නුතන සන්නිවේදන සමාජය තුල වාරණය හෝ එවැනි අවහිරතා යථාර්ථයක් නොවන බව අපගේ විශ්වාසයයි. කෙසේවුවද මෑතකදී සිට වෙබ් අඩවි කිහිපයකට නැවත අවහිරතා ඇතිවී තිබෙනවා ……අප ඔබතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රවෘත්ති වෙබ් අඩවි සඳහා පනවා ඇති එම අවහිරතා සම්බන්ධයෙන් සොයා බලා ඒවා නිදහස් කර මුදා හරින ලෙසයි.

ජනාධිපතිතුමනි, වෙබ් මාධ්‍ය අනාගත මාධ්‍ය බව අපගේ විශ්වාසයි. එසේම මේ රටට විදෙස් විනිමය රැගෙන ආ හැකි නව මාවතක් බවත් අපගේ විශ්වාසයි. එය මේවන විට ද ඇතැම් අංශ ඔස්සේ ඔප්පුකර තිබෙනවා, දිනෙන් දිනම අලුත්වන මේ මාධ්‍ය කලාව හා තාක්ෂණය වෙබ් මාධ්‍යකරණයේ නියැලෙන මාධ්‍යකරුවන්ගේ වෘත්තිය නිපුණතා හා කුසලතා ඉහල නංවාලීම වෙනුවෙන් විශේෂ පාඨමාලාවක් විශ්වවිද්‍යාලයයන් හා එක්ව නිර්මාණය කරන ලෙසත් අප ඉල්ලා සිටින අතර ආචාරශීලී වෙබ් මාධ්‍යකරණයක් වෙනුවෙන් පුහුණු ආයතනයක් ආරම්භ කිරීමට අවධානය යොමුකර සිටින ලෙසත් අප ඉල්ලා සිටිනවා.

එසේම, වෘත්තීය වෙබ් මාධ්‍ය කරුවාට මාධ්‍ය කේෂත්‍රය තුළදී සෙසු මාධ්‍යකරුවන්ට ලැබෙන වෘත්තීය අයිතිවාසිකම් සම ලෙස නොලැබෙන බවද කනගාටුවෙන් වුවත් කියා සිටීමට සිදුවනවා. එය විදේශ සංචාර විශේෂ අවස්ථා ආවරණය කිරීමට ලැබෙන අවස්ථාවල සිටම වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන් සදහා අවැසි උපකරණ ලබා ගැනීමට ලැබෙන විවිධ සහන දක්වාම ක්‍රියාත්මක වෙනවා. වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන් සදහා අවැසි උපකරණ ලබා ගැනීමට සහන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

ජනාධිපතිතුමනි, යහ පාලන රජය බලයට ගෙනඒමට වෙබ් මාධ්‍ය සහයක් දුන් බව අපගේ විශ්වාසයි. කෙසේවුවද යහ පාලන රජය බලයට පත්වීමෙන් පසුව අප වඩාත් අපහසුතාවයට පත් කළ කාරණාව රජයේ වෙළඳ දැන්වීම් බෙදා දෙන ලද ආකාරයි. එහිදී අපට අපගේ වෙබ් මාධ්‍ය ආයතන පවත්වාගෙන යාමට එම දැන්වීම් වලින් ලැබුණු ප්‍රතිශතය බිංදුවක් බව කනගාටුවෙන් උවද දැනුම්දීමට සිදුවෙනවා. අප ඉල්ලා සිටිනවා රජයේ සියලු වෙළඳ දැන්වීම් වලින් යම් සාධාරණ ප්‍රතිශතයක් අචාරධාර්මික වෙබ් මාධ්‍යකරණයක නියැලෙන වෙබ් අඩවි සදහා ලබා දෙන ලෙස. 

එසේම, හෙට දවසෙ මාධ්‍ය කලාව බවට පත්වෙමින් ඇති වෙබ් මාධ්‍යකරණය හෙටට ගැලපෙන ලෙස වැඩි දියුණු කිරිම සදහා අවැසි ආයෝජනයන් සදහා සහනාදායි ණය ලබාදෙන ව්‍යාපෘතියක් නිර්මාණය කර දෙන ලෙසත් ජනාධිපති තුමනි ඔබ තුමා ඇතුළු විශය භාර මුදල් හා ජනමාධ අමාත්‍යතුමාගේද අවධානය යොමුකරන ලෙසත් ඉල්ලා සිටිනවා.

අප යුද්ධය නිමා කළත්,  සංහිඳියාවට තවත් දුරින් සිටින බව අප විශ්වාසයයි. මේ රට තුල කල්පවතින සාමයක් ස්ථාපිත කිරිම සදහා වන සංහිඳියාව සහ ප්‍රජාතන්ත්‍රවාදය  නිර්මාණය කිරිමට වෙබ් මාධ්‍යවේදීන්ගේ දායකත්වය ලබාගැනීමට විශේෂ වැඩපිලිවෙලක් නිර්මාණය කරන ලෙසත් ඔබතුමන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා….

අනාගත මාධ්‍ය සක්විති වෙබ් මාධ්‍ය බවත්, එනිසා ම අනාගතය අපේ බවත් නැවතවරක් මතක්කරමින්. වැරදි නිවැරදි කරගනිමින් මේ ගමන යාමට ඔබ සියලුදෙනාගේ සහයෝගය අපට ලබාදෙන ලෙස ඉල්ලමින් මගේ කතාව අවසන් කරනවා…..

ස්තූතියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article