spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බාලවයස්කාර පාසැල් සිසුවියන් රඳවාගෙන සිටි තරුණයෙක් අත් අඩංගුවට

Must read

පසුගිය ජුනි මාසයේ සිට නිවසින් අතුරුදහන්ව සිටි බාලවයස්කාර පාසැල් සිසුවියන් දෙදෙනාව රඳවාගෙන සිටි තරුණයෙක් සැකපිට ගොඩැල්ල ප්‍රදේශයේ උළු මෝලක සිටියදි අද 09 උදැසන අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි එම තරුණයා සමග සිටි බාලවයස්කාර නිවුන් සහෝදරියන්වද පොලිස් භාරයට ගත් බව පොලිසිය කීය ඉකුත් ජුනි මාසයේදි පාසැල් යන බව පවසා නිවසින් පිටත්ව ගිය සිසුවියන් පාසැලට නොපැණිම නිසා තඹරවිල කණිෂ්ඨ විදුහලේ විදුහල්පතිවරයා විසින් කරන ලද පැමිණිල්ලක් මත සිදු කල පරික්ෂණයක් මත මෙම පුද්ගලයාව හා සිසුවියන් දෙදෙනා සොයාගත් බව පොලිසිය පවසයි අවුරුදු 14 වයස්වල පසුවන මේ සිසුවියන් අපයෝජනයකට ලක්ව ඇත්දැයි සොයා බැලිමට මාරවිල මූලික රෝහලට ඇතුල් කල බව පොලිසිය කීය වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරිතුමාගේ උපදේස් මත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතාගේ මගපෙන්වීමෙන් පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සමන් දසනායක ළමා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂිකා මධුභාෂිණි සැරයන් 50397 සරත් 53221 ඊරියගොල්ල යන නිළධාරින් මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය

11828688_1010880142288052_3528941061964331504_n

චන්දන ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article