spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බැසිල් කියපු සති දෙකකට ඇතිවෙන්න දෙන සහන මල්ල මිගමුවට ලැබෙන්නේ කවදාද ?

Must read

Basil-Rajapaksa-01උද්ගතව ඇති කොවිඩ් නයින්ටීන් වෛරස තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගත යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
බැරෑරුම් තත්ත්වයකදී වුවද විදුලිය, ජලය, ඉන්ධන, ගෑස්, සෞඛ්‍ය ඇතුළු ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස ද ජනාධිපති කාර්යය සාධක බළකායේ සභාපතිවරයා උපදෙස් ලබාදී තිබේ.
ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඊයේ (27) පස්වරු අරලියගහ මන්දීරයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එම සාකච්ඡාවට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
මෙහිදී අදහස් දක්වා ඇති බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ලොව බලවත් රටවල වෛරසය දරුණු ලෙස පැතිරි යන අවස්ථාවක මෙරට සෞඛ්‍ය අංශ ආරක්ෂක හා පරිපාලන අංශ කොවිඩ් නයින්ටීන් වෛරසය පාලනය කිරිම සඳහා සිදුකරන කාර්ය භාරය රටක් ලෙස අගය කළයුතු බවය.
මෙරට වැඩිහිටි ජනතාව රැක ගැනිම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදී ඇති සභාපතිවරයා මහජනාධාර සහ විශ්‍රාම වැටුප් ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දිසාපතිවරුන්ට සහ තැපැල්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.
එමෙන්ම නිවෙස් වල නිරෝධායනයට යොමුකර ඇති පවුල් සඳහා සති දෙකකට සරිලන පරිදි බඩු මල්ලක් ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව සඳහන් වේ.
එමෙන්ම ණය වාරික සඳහා සහන කාලයක් ලබාදීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අවදානය යොමුවී ඇති අතර සතියක් පුරා සම්පූර්ණයෙන්ම වසාදැමුණු ප්‍රදේශවල පවුල් සඳහා සඳහා රුපියල් 5000 බැගින් ලබාදීමට ද පියවර ගෙන තිබේ.NGB meeting 1

මේ අතර මිගමුවේ ධිවර ප්‍රජාව මේ වන විට දැවැන්ත ජිවත්විමේ අර්බුදයකට මුහුණ  දි සිටි.ඒ පිළිබදව පසුගිය දිනවල මීගමුවේදි පැවැති විශේෂ රැස්විම් වලදි නිසි වැඩපිළිවෙලක් සුදානම් කිරිමක් ගැන කථාබහක් මතුව තිබුනේදැයි සැක සහිතය.
මුලාශ්‍රය – දිණමිණ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article