spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බැසිල් ගොඩ : ‘ද්විත්ව පුරවැසි’ වගන්තිය තවත් වැඩි ඡන්දයකින් සම්මතයි

Must read

Basil-20sharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකකට වඩා

වැඩි ඡන්ද ප්‍රමාණයකින් සම්මත විය.

පනත් කෙටුම්පතේ දෙවන හා තෙවන වර කියවීමට පක්ෂව ඡන්ද 156ක් සහ විරුද්ධව ඡන්ද 65ක් හිමිවිය.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ, ශ්‍රී මුස්ලිම් කොන්ග්‍රසයේ නසීර් අහමඩ්, ෆයිසාල් කාසිම්, එච් එම් එම් හාරිස්, සහ එම් එස් තවුෆික්, මුස්ලිම් ජාතික සන්ධානයේ ඒ ඒ එස් එම් රහීම්, සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලූ ද්‍රවිඩ මහජන පෙරමුණේ අරවින්ද් කුමාර් සහ සමගි ජන බලවේගයෙන්ම ඡන්දය ඉල්ලූ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ඉෂාක් රහමාන් පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

පනත් කෙටුම්පත සම්බන්ධ කාරක සභා අවස්ථාවේදී විපක්ෂය සමහර වගන්ති වලට විරෝධය පළ කළ අතර ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට අවසර ලැබෙන වගන්තියට විපක්ෂය විරෝධය පෑම හේතුවෙන් ඒ සඳහා වෙනම ඡන්ද විමසීමක් පවත්වනු ලැබිණ.

එම වගන්තියට එකඟව ඡන්ද 157ක් සහ විරුද්ධව ඡන්ද 64ක් ද ලැබීම තුළින් එම වගන්තිය ද තුනෙන් දෙකකට වඩා වැඩි ජන්දයකින් සම්මත විය.

රිෂාඩ් බද්යුද්දීන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී එස් එම් එම් මුෂාරෆ් දෙවන වර හා තෙවන වර කියවීමේ දී විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළත් මෙම වගන්තියට පමණක් පක්ෂව ජන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

රිෂාඩ් බද්යුද්දීන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී එස් එම් එම් මුෂාරෆ් දෙවන වර හා තෙවන වර කියවීමේ දී විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළත් මෙම වගන්තියට පමණක් පක්ෂව ජන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

 

20න් හකීම් හාන්සියි : මුස්ලිම් කොංග්‍රස් සෙසු මන්ත්‍රීවරු ආණ්ඩුවට

SLMC Members

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් හැරුණු විට එම පක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සහාය පළ කිරීම සඳහා එක්වී තිබේ.

ඒ අනුව සමගි ජනබලවේගය සමග තවදුරටත් කටයුතු කරනු ඇත්තේ රවුෆ් හකීම් පමණි.

20 වන ආණ්ඩුකම ව්‍යවස්ථාව සංශෝධනයට පක්ෂව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නසිර් අහමඩ්, එච්.එම්.එම්. හාරිස්, ෆයිසාල් කාසීම්, එම්.එෆ්. තව්ෆික් යන මන්ත්‍රීවරුන් ඡන්දය භාවිතා කරන ලදී.

 

මෛත්‍රී ඡන්දයට නොපැමිණි හේතුව ?

හිටපු ජනාධිපති, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටියේය.

ඒ සම්බන්ධයෙන් එම පක්ෂයේ ප්‍රධානියකුගෙන් කළ විමසීමක දී මෙසේ පැවසිය.

”හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කලින්ම තීරණය කරල තිබුණා 20 ට පක්‍ෂව ඡන්දය දෙන්නෙ නැහැ කියලා. ඒ ගැන ඔහු අගමැතිතුමාගේ ලේකම්වරයෙකුට කතා කරලත් කියල තියෙනවා. 19 යට අත්සන් කරපු තමන්ට 20 ට ඡන්දය දෙන්න බැහැ කියලා මෛත්‍රීපාල මහත්තයා පැහැදිලිව කියලා තිබුනා.”

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article