spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බැසිල් 8 වෙනිදා පාර්ලිමේන්තුවට !

Must read

බැසිල් රාජපක්ෂගේ මෙවර පාර්ලිමේන්තු සම්ප්‍රාප්තියට අදාලව පැවති ගැටළු මේවනවිට මුළුමනින්ම පාහේ විසඳි ඇතැයි  ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන බව theleader.lk වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ

ඒ අනුව, පාර්ලිමේන්තු පැමිණීමට සුබ නැකතක් පවා මේවනවිට සකස් කර ඇතැයි පැවසේ.  
ඊයේ පෙරවරුවේ නෙලුම් මාවත ‘පොහොට්ටු’ පක්ෂ කාර්යාලයට එම පක්ෂයේ ප්‍රාදේශීය නායකයින් කැඳවා ඇති අතර  බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුව තුල දිව්රුම් දෙන දිනයේ ඔහු වෙනුවෙන් රටපුරා සැරසිලි හා ප්‍රචාරක කටයුතු සිදුකරන ලෙසට උපදෙස් දී ඇතැයි ද ඉහත ආරංචිමාර්ග කියා සිටින බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

එහිදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඉස්මතුවන ආකාරයෙන් සියලු ප්‍රචාරක කටයුතු සිදුකරන්නයි ද දැනුම්වත් කර ඇති අතර ආණ්ඩුවේ කිසිදු පක්ෂ නායකයකුට එරෙහිව කුමන ආකාරයක හෝ ප්‍රචාරක කටයුත්තක් නොකරන්නැයි දැඩිලෙස අවවාද කර ඇතැයි ද පැවසේ.   පොහොට්ටු පක්ෂය විසින් මෙහෙයවනු ලබන සමාජ මාධ්‍ය කණ්ඩායම් වෙත ද එම උපදෙස් ලබාදී ඇතයි වාර්තාවේ.

මේ අතර බැසිල්වාදි දේශාපලකයන් විසින් රටපුරා ජනතාවට බැසිල් පැමිණි විට ලබාදෙනවා යැයි කියා ඇති ජනතා සහන පෙරළා බැසිල්ගේ ආගමනයටම තවත් පාරාවලල්ලක් විමට ඉඩ ඇති බවද දේශපාලන විචාරකයෝ කියා සිටිති.
පසුගියදා රාජ්‍ය ඇමති නිමල් ලංසා කියා සිටියේ බැසිල් පැමිණි විගස සහන රැසක් ලබාදෙන බවය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article