spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බිලිබාමින් සිටි තරුණයෙකු මුහුණදුන් ශෝචනීය සිදුවීමක්

Must read

පසුගිය දිනක කොතලාවල පාලම අසල බිලීබාමින් සිටි තරුණයෙකු එම ස්ථානයේදී මියගියේය. මෙසේ මියගියේ දලුපත  පදිංචි ප්‍රවිදු ජයවර්ධන නමැති තරුණයෙකු වන අතර ඔහු එදින එම ස්ථානයට ගොස් ඇත්තේ බිලීබෑම සදහාය.
ජනවාරි 27 දින සවස 07 පමණ පිටිපන කොතලාවල පාලම අසලට යන්නේ විනෝදය සදහා මාලු ඇල්ලීමටය. එක් අවස්ථාවකදී  තම බිලිපිත්තට හසුවූ මාලුවෙකු  ගැනීමට ඔහු තම පිත්ත උඩට උස්සා ඇති අතර එම අවස්ථාවේදී  එය අධි බැලති විදුලි රැහැනක වැදී බිලිපිත්ත හරහා විදුලිය ප්‍රවිදු වෙත ඇදී ඇත. එවිට එක පාරම බිම ඇද වැටුනු ප්‍රවිදු ගැන අසල සිටි යහලුවන් සිතුවේ තම යහලුවාට ෆිට් එක සැදී ඇද වැටුනු බවයි. එකෙනෙහිම යහලුවන් විසින් මීගමුව මහ රෝහලට ගෙන යන ලදි.
මීගමුව පශ්චාත් මරණ පරීක්ෂක අධිකරණ වෛද්‍ය එච්.එම් හුල්හක් මහතා සදහන් කලේ හෘදස්පන්දනය ක්‍රියාවිරහිත වීමේන් සිදුවූ මරණයක් බවයි.
මෙම මරණය සිදු ස්ථානය එනම් කොතලාවල පාලම අසලට බිලිපිති ආධාරයෙන් මසුන් ඇල්ලීම සදහා බොහෝ දෙනෙක් පැමිණෙයි.එම පාලමට උඩින් යන අධිබලැති විදුලි රැහැන් වලට යටින් කිසිදු ආධාරක දැලැක් හෝ යෝදා නොමැත. මේ හේතුවෙන් මෙම අවාසනාවන්ත ඉරණමට මුහුන දීමට ප්‍රවිදු සොයුරාට සිදුවිය.
10952535_860948127261113_4398302013414356458_n10947313_860948153927777_1487868762067563474_n

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article