spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බීච් පාර්ක් අසල මුහුදේ නෑමට ගිය තරුණයන් තිදෙනෙකු දියේ ගිලී එක් අයෙක් අතුරුදහන්

Must read

අද සවස මීගමුව බීජ් පාර්ක් වෙරළ උද්‍යානයට විනෝදය පිණිස පැමිණි පිරිසක් අතරින් 3 දෙනෙකු මුහුදේ නාමින් සිටියදී අනතුරට පත්විය. මෙම තුන්දෙනා තරුණයින් වන අතර මොවුන් දියේ ගිලෙමින් සිටියදී ජීවිත ආරක්ෂකයින් දෙදෙනෙකු විසින් ඛේරාගෙන ඇති අතර එක් තරුණයෙකු මුහුදේ ගිලී අතුරුදහන්වී තිඛේ.
මෙම සිදුවිම වනවිට සවස 5 පමණ වී ඇති බව ඒ අසල සිටි පිරිස් පවසති. ඛේරාගත්  දෙදෙනාගෙන් තරමක් අසාධ්‍ය තත්වයේ පසුවූ තරුණයාට ප්‍රථමාධාර ලබාදී  ගිලන් රථයක් ගෙන්වාගෙන මීගමුව රෝහලට ඇතුළත් කර තිඛේ. වාර්තා වන පරිදි මෙම පිරිස පැමිණ ඇත්තේ බදුල්ලේ සිටය. මුහුදේ ගිලි අතුරුදහන්වූ පුද්ගලයාගේ සිරුර මේ වනතෙක් සොයාගෙන නොමැත.මොවුන් ඒ අවස්ථාව වනවිට මත්පැන් පානය කර තිබූ බව අවට සිටි අයගේ නිරීක්ෂනය වි තිබුණි.
මෙම ස්තානයේ දිය නෑම අනාරක්ෂිත බවට දැන්වීම් පුවරුවක් ගසා තිබුණද නෑම සදහා මුහුදට බසින් ස්ථානයේ කිසිම පුවරුවක් නොමැති බවත් ගල්වැටියට පිටුපින් එක් පුවරුවක් තිබීම ප්‍රමාණවත් නොවන බවත් සිද්ධීය දෑසින් දුටු අය පවසති.beach 2beach nov 1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article