spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බොන්න කැඳ වීදුරුවක් , එන්න පෙරමුණ ට !

Must read

(11.07am)මීගමුව,  ග්‍රීන්ස්  පාරේ ,  අංක  2  දරණ  ස්ථානයේ   ඇති  ‘ පෙරමුණ නිෂ්පාදන ‘  නමින්  හඳුන්වන   ස්ථානයේ   උදෑසන   කැඳ වීදුරු  අතින්  ගත්  මිනිස්සු   තැබෑරුමක  රා  බීමට  එකතුවන්නාක්මෙන්   එකතුවී  රසකරමින්  කැඳ බොන  අයුරු  දැක්කෙමු. තැබෑරුමකදී එදා  සිරුරට  අහිතකර  දේවල්  අඩංගු  රා වීදුරුවක්  කටගෑවෙකුට   කැඳ  වීදුරුවක්   යනු  ඖෂධීය  පානයකි.  එමෙන්ම  පෝෂ්‍යදායී  ආහාරයකි.

පෙරමුණ කැඳ - මීගමුව
පෙරමුණ කැඳ – මීගමුව

මෙහි. අයිතිකරු  වන  ප්‍රියන්ත පෙරමුණ  මහතා  පවසන  ආකරයට  මේ  කැඳ  පානය  රෝග  රාශියකට  ඖෂධයක්  වේ.  මන්ද  මෙහි   අඩංගු  වන්නේ  ධාන්‍ය  වර්ග  පමණි.  මේ  සියළුම  ධාන්‍ය  වර්ග  සාම්ප්‍රධායික  කුඹුරු  වලින්  ලබා ගන්නා  රසායනික  පොහොර ,  බෙහෙත්  ආදිය  යොදා  නොගන්නා  නිසා  වසවිසෙන්  තොරය.  මෙම  ධාන්‍ය  වර්ග   මෙම  ස්ථානයෙන්ම  මිළදී  ගතහැකි  නිසා  ඕනෑම  අයෙකුට  තම  නිවසේදීම  පිරිසිඳු කැඳ  පානයක්  තමන්ටම  සකසා  ගතහැක.
මෙහි  සඳහන්  වන්නේ  මෙම  ධාන්‍ය  වර්ග  සහ  ඉන්  කැඳ සාදාගන්නා  ආකාරයයි.DSC_0018

අඩංගු දෑ

කළු හීනටි,  සුව ඳැල්,  දික්වී,  බටපොල ඇල්,  මඩත  වාළු,  වෙද මුං, මෙනේරි,  කඩල,කව්පි,  ලීමා  ඇට, බඩඉරිගු,වැනි ධාන්‍ය වර්ග  මෙන්ම  ඉහත  සදහන්  සහල්  වර්ග  මෙම  වට්ටෝරුවට  අයත්වේ.

පිළිපැදියයුතු  ( ධාන්‍ය  වර්ගරාත්‍රියේ   පෙගෙන්නට  දැමීමෙන්  ඉක්මනින්  සකසා  ගැනීම  පහසුවේ.)

*මෙම  මිශ්‍රණයේ  ඇති සහල්  සහ  ධාන්‍ය  වර්ග  හො¢න්  සෝදා  ගන්න.  පසුව  මුට්ටියක  හෝ  රයිස්  කුකර්  එකේ  /  දරලිපේ/ ගෑස්  ලිපේ  හොදින්   විනාඩි  30ක්  පමණ  තම්බා  ගන්න.

*තම්බාගත්  ධාන්‍ය වර්ග  වලට  කුරක්කන්  පිටි,මඩු පිටි,  කිතුල්  පිටි, සෝයා  පිටි,  බඩ ඉරිගු පිටි  යන  පිටි වර්ග වලින්  එක්  පිටිවර්ගයක්  හෝ  පිටිවර්ග  කිහිපයක්  ඔබ  කැමතිනම්  භාවිතතා  කළ  හැකිය.

* ඔබ  තෝරාගත්  පිටිවර්ගය  වතුරෙන්  හෝ  දියකිරෙන්  කලවම්කර  හො¢න්  හැදි ගාන්න. විනාඩි  5-8ත්  අතර  කාලයක්  පිස ගන්න.

*කලවම් කරන ලද  පිටි  තැම්බෙන  තුරු  හො¢න්  කලවම්  කරන්න.ඉන්පසු  උකුගතිය  හොදින්ඇති  වූවානම්   මිටිකිරි  හෝ  සෝයා  කිරියොදන්න.  අවශ්‍ය  තරමට උකුවූ  පසු  ලිපෙන්  බාගන්න.

ඉගුරු,  සුදුළූනු, ගම්බිරිස්,  වැනි  දේවල්ද  ඕනෑම  කොල වර්ගයක්මෙම  කැඳ සෑදීමේදී භාවිතයට  ගැනීමට  හැකිවේ.  තවද  ගම්බිරිස්, කරපිංචා,  රම්පෙ,සූදුරු  උළුහාල්,  යන  වර්ග  බැද  කුඩුකර  ස්වල්පයක්  එකතුකර  ගතහැක.

මෙම  කැඳ මිශ්‍රණයේ අඩංගු අමුද්‍රව්‍ය  20  දෙනෙකුට  කැඳ  සෑදීම  සඳහාය. ඒසඳහා  ඔබ  ඉහත  සදහන්  පිටි වර්ග වලින්  ග්‍රෑම්  250ක්  භාවිතයට  ගැනීම  වඩාත්  සුදුසු  වේ.ඔබට  අවශ්‍ය  ප්‍රමාණය 5දෙනෙකුගෙන්  යුතු  පවුලකට   මෙම  පැකට්  එකෙන්1/4  ක් පමණ  භාවිතයට   සුදුසුවේ

සෑම   උදෑසනකම  පාන්දර  2..00 ට  පමණ  අවදිවෙන  ප්‍රියන්ත  මහතා  කැඳ  වීදුරු  150ක  පමණ  ප්‍රමාණයක්  සූදානම්  කරයි. පෙ. ව.  6.00ට  අලවිය  සිදුවේ.  විශේෂයෙන්  පිසූධාන්‍ය   වර්ග  6ක්  සහ  පාරම්පරික  දේශීය  සහල්  වර්ග  මුසු  කැඳ වීදුරුවක්  රු.  50ක්   වැනි   මුදලකට   පානය  කළ  හැක.DSC_0021

සියළු  විමසීම්; ප්‍රියන්ත  පෙරමුණ 071-5592207  /071-  3478473


සැම්සන් ඥානසිරි

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article