spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බොලිවුඩය ආරක්ෂා කිරීමට ඉන්දියාවෙන් අනතර්ජාල තහනමක්..

Must read

 

7007299440_886c5cd304_k-800x450Wayback Machine  නැමැති ක්‍රමය හරහා අන්තර්ජාලය භාවිතා කරන්නන්ට තමන්ට අවශ්‍ය තොරතුරු වල සංරක්ෂිත සංස්කරණයන් හැකියාව ඇතුළු තවත් තොරතුරු බෙදාගන්නා වෙබ්අඩවි 2600ක් පමණ තහනම් කිරීමට ඉන්දියාව කටයුතු කර තිබෙනවා.අගොස්තු 8 වනදා සිට අන්තර්ජාලය භාවිතා කරන ඉන්දියානුවන්ට තමන්ට අවශ්‍ය තොරතුරු වල මෙම සංරක්ෂිත සංස්කරණයන් ලබාගැනීමට නොහැකිවී තිබෙන අතර එසේ උත්සහ කිරීමේදී එම හැකියාව ඉන්දියානු රජයේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව විසින් තහනම් කර ඇති බවට වන පණිවිඩයකක් දිස්වන බවයි ඉන්දියානුවන් පවසන්නේ. නමුත් ඒ සදහා වන හේතු දැක්වීක් එම පණිවිඩයේ සදහන් වන්නේ නැහැ.

නමුත් අගෝස්තු 10 වනදා වන විට BuzzFeed වෙබ් අඩවිය පවසා ඇත්තේ පසුගිය අගෝස්තු 2වනදා ඉන්දියාවේ මැඩරාස් අධිකරණය විසින් නිකුත් කල අධිකරණ නියෝග දෙකක් මත මෙම තහනම පනවා ඇති බවයි. එම අධිකරණ නියෝගයන් ලබාදීමට හේතු වී අැත්තේ Red Chillies හා Prakash Jha  නැමැති සුප්‍රකට ඉන්දියානු නිෂ්පාදන සමාගම් විසින් ඉදිරිපත්කල පෙත්සම් විභාගයට ගත් අවස්ථවේදීයි. “Jab Harry Met Sejal” හා “Lipstick Under My Burkha”. නැමැති මෑතකදී පිටවූ චිත්‍රපටවල පිටපත් නීතිවිරෝධී ලෙස එම වෙබ් අඩවි හරහා බෙදාහැරීමට විරෝධය පලකරමින් එම නිෂ්පාදන සමාගම් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

maxresdefault

index

මෙම වෙබ් අඩවි තහනම සම්බන්දයෙන් මුලින්ම වාර්ථා කර ඇත්තේ MediaNama නැමැති ඉන්දියානු තාක්ෂණීක වෙබ් අඩවියක් මගින් වන අතර ඔවුන් පවසන පරිදි Internet Archive සමාගම විසින් මෙම තහනම පිලිබදව ඉන්දියානු රජයෙන් විමසා ඇති අතර මේ වනතෙක් රජයෙන් ඒ සම්බන්දයෙන් හේතු දැක්වීමක් සිදුවී නැහැ.

2016 වනවිට ඉන්දියාවේ බිලියන 1.3ක් වූ මුළු ජනගහනයෙන් මිලියන 462.1ක් අන්තර්ජාලය භාවිතා කරන බවට වාර්තා වී ඇති අතර මේ තහනම ඒ පිරිසට දැඩි බපෑමක් එල්ල්කරනු ඇති බවයි එරට මාධ්‍ය වාර්ථා කරන්නේ.

 

 

https://advox.globalvoices.org ඇසුරිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article