spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

” මට දුන්න ප්‍රතිපාදන වලින් මම කරන්නේ මට ඕන වැඩ” – නිරෝෂන්ගේ ගෝලයෙක් කියයි

Must read

තරුණ කටයුතු  පිළිබඳව  රාජ්‍ය අමාත්‍ය  නි. ඇමති  නිරෝෂන් පෙරේරා මහතා විසින් දංකොටුව ප්‍රදේශයේ සිය අධාරකරුවෙකු හට ලක්ෂ 10 ක ප්‍රතිපාදන අරමුදලක් ලබාදී ඇති අතර මෙම ප්‍රතිපාදන වලින්  ඔහු විසින් දංකොටුව මාර්කට් එක හා  පොළට යන මාර්ගයේ යම් පිළිසකර කිරීම් සිදුකිරීමට ආරම්භ කර ඇති බව ප්‍රදේශවාසීන් වාර්තා කරයි.  මේ සම්බන්ධයෙන් දංකොටුවේ ප්‍රදේශවාසීන් පිරිසක් විසින් මෙම සංවර්ධන කටයුතු සිදුකරන ආධාරකරුවා හට පවසා ඇත්තේ මෙම මාර්කට් එකේ  පිළිසකරකිරීම් වලට වඩා වැඩියෙන් කළ යුතු තවත් සංවර්ධන වැඩ තිබෙන බවත්, ප්‍රදේශයේ අබලන් වූ මාර්ග ද තවත් තිබෙන බැවින්  ඒවා සංවර්ධනය කරන ලෙසයි. එමෙන්ම මෙම මාර්කට් එකට සම්බන්ධ මාර්ග හා කාණු සම්බන්ධ පද්ධති සංවර්ධනය කළ යුත්තේ වෙන්නප්පුව ප්‍රා. සභාව විසින් සිදුකළ යුතු ඒවා බවටත් ඔවුන් විසින් පෙන්වා දී තිබේ. දංකොටුව සුපර්මාර්කට් එකෙන් සහ පොළන් බදුමුදල් ලබාගන්නේ වෙන්නප්පුව ප්‍රා.සභාව බැවින් ඒවා සංවර්ධනය කළ යුත්තේ ප්‍රා.සභාව විසින් බවද දංකොටුව ප්‍රදේශවාසීන් පවසති. තතු මෙසේ තිබියදී මේ අකාරයට තමන්ට ලැබුණ ප්‍රතිපාදන මුදල්  කිසිදු මහජන විමසීමකින් පරිහරණය කිරීම පිළිබදව එම ජනතාව සිය විරෝධය පළ කර සිටිති. මෙම පුද්ගලයා වෙන්නප්පුව ප්‍රාදේශී්‍ය සභාවේ හිටපු එජාප මන්ත්‍රීවරයෙකි.

https://www.facebook.com/dankotuwa?fref=ts
ඡායාරූපය උපුටා ගැනීම -දංකොටුව ෆේස් බුක් අඩවියෙන්
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article