spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මඩවගුරක්වී තිබුණු සාන්ත ආනා පාරට කාපට් සංග්‍රහයක්…

Must read

කටාන , දිවුලපිටිය පාරේ, පොලිස් අභ්‍යාස විද්‍යාලය ඉදිරිපිට ඇති ශාන්ත ආනා නම්වූ පාර දිගු කාලයක් අබලන් තත්වයේ පැවතින. වැසි දිනවල මෙම පාරේ ගමන් කිරීම අසීරු කාරණයක් විය. කළින් තාර දමා තිබුණු නමුත් ඒ බවක් නොපෙනෙන තරමට පාරේ ගල් ගැලවී කඩතොළු වී තිබිණ .
මේ වනවිට පොළොව ගල්දමා තලා සකස් කර කාපට් දැමීමට කටයුතු යොදා ඇති බව පෙනේ. මෙම පාරේ පැවති තත්ත්වය අනුව මෙසේ සකස් කිරීම යහපත්ය.
අප මෙම සටහන තබන්නේ මෙතෙක් කලක් ශාන්ත ආනා පාර සම්බන්ධව ලිපි කිහිපයක්ම පළකොට තිබූ හෙයින් සහ එය ප්‍රදේශවාසීන්ගේ පැත්තෙන් බලාපොරොත්තුවූ අරමුණ ඉටුකර ගැනීමට හැකිවීම පදනම් කරගෙනය.
මෙහිදී මීපුර වෙබ් අඩවියේ අපට කිසිවෙකුට දෝෂාරෝපණය කිරීමට හෝ හෑල්ලුවට ලක්කිරීමේ හෝ අවශ්‍යතාවයක් නොතිබිණ . අප ජනතා ප්‍රශ්ණ පිළිබඳව මැදිහත් වන පිරිසක් ලෙස අපගේ කාර්ය ඉටුකළා පමණි . මෙම පාරේ පැවති තත්ත්වය ගැන නිතර සිහිකැඳවමින් ලිපි පළ කළේ එකී අරමුණ පෙරදැරි කරගෙනය.
සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article