මඩු දේවමාතා ප්‍රතිමාවේ සියවස් සැමරුම වෙනුවෙන් සමරු මුද්දරයක්

0
304

 


මඩු දේව මාතා ප්‍රතිමාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් සමරු තැපැල් මුද්දරයක් අද (1) පෙරවරුවේ නිකුත් කෙරිණි.

මෙම අවස්ථාවේ දී මඩු දේවමාතා රාජාභිෂේකයේ ශත සංවත්සරය නිමිත්තෙන් මඩු දේවමාතාවගේ රුව සහිත මුද්‍රාවක් මඩු විහාරස්ථානයේ තැන්පත් කිරීම අද (01) සිදු කෙරුණා.

අද (01) පෙරවරුවේ මඩු දේවස්ථානයේ පරිපාලක පූජ්‍ය එස්.අන්රානි ඤාණප්‍රකාශම් අඩිගල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. තැපැල්පති රුවෙන් සත්කුමාර මහතා විසින් මන්නාරම රදගුරු පදවියේ රදගුරු එමානුවෙල් ප්‍රනාන්දු අන්දගයි මහතා වෙත විශේෂ මුද්‍රාව පිළිගැන්වීය.

එම අවස්ථාවට තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චතුරි , මන්නාරම දිස්ත්‍රික් රජයේ සභාපති කේ.කනකේෂ්වරන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටීම විශේෂත්වයකි.

එස්.ආර්.ලැම්බර්ට්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here