spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම උදෙසා පොලීසිය ‘යාත්‍රාව’ දියත් කරයි …..

Must read

 මත්ද්‍රව්‍ය යනු සමාජයට හානි කරන ප්‍රබල සාධකයක් බව අපි කව්රුත් දන්නා කරුණකි . මෙය මැඩලීම සඳහා කොතරම් උත්සාහ කළද තව තවත් එය වර්ධනය වූවා මිස මර්දනය නොවීය.   මෙවන් පසුබිමක් තුළ පොලීසිය විසින් විශේෂ වැඩසටහනක් දියත් කරන ලදී . එය නම්කර තිබුණේ "යාත්‍රාව" නමිනි. මේ අනුව 12/ 03 දින මත්ද්‍රව්‍ය  භාවිතා කරන පුද්ගලයින් සොයා පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් සිදුකර ඔවුන්  අත්අඩංගුවට ගෙන ඇත . 12/ 04 වන දින  මේ පිළිබඳවම වූ විශේෂ වැඩසටහනකි. මෙම වැඩසටහන පවත්වන ලද්දේ කුරණ සාන්ත පීතර විද්‍යාලයේ දීය. මෙහිදී  අත්අඩංගුවට ගත් පිරිස උදෙසා උපදේශන සේවාවන් සහ කොවිඩ් වසංගත තත්ත්වය යටතේ එන්නත නොගත් අයට එන්නත් කරණයත් සිදුකරන ලදී.

එමෙන්ම මෙකී වැඩසටහන පිළිබඳව තොරතුරු සම්පාදනය කරමින් අපට සහාය දැක්වූයේ එම ස්ථානයේ විශේෂ කාර්ය භාරයක් ඉටු කළ මීගමුව ප්‍රජාපොලිස් ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසම්පත් රණසිංහ මහතාය. මෙහි උපදේශන කටයුතු සහ එන්නත් කරන කටයුතු පිළිබඳ සම්බන්ධීකරණය සිදුවූයේද ඔහුගේ මැදිහත් වීමෙනි.
මේ සඳහා මීගමුව , සීදූව, කටුනායක ,කටාන, පමුණුගම, කොච්ච්කඩේ යන පොලිස් කොට්ඨාස වසම් 6 ක් දායක වී ඇති අතර
04 වන දින වැඩසටහනේ වි⁣ශේෂ ආරාධිතයා වූයේ බස්නාහිර පළාතභාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාය. මෙදින පිළිගැනීමේ කතාව ටද සහභාගි වෙමින් විශාල කාර්ය භාරයකට සම්මාදම් වී ඇත්තේ කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාය.
කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය ගයාන් ජයවර්ධන මහතා, ආචාර්ය රසික බණ්ඩාර මහතා ප්‍රමුඛ ඔක්සියම් ලංකා වෛද්‍ය ආයතනයේ උපදේශන නිලධාරීන් , අන්තරාදායක ⁣⁣⁣ඖෂධ ජාතික පාලක මණ්ඩලයේ උපදේශන නිලධාරීන් , කාන්තා හා ළමා කාර්‍යාංශයේ නිලධාරීන් උපදේශන කටයුතු සිදුකරන ලදී . මීගමුව මහ රෝහලේ වෛද්‍ය අනුරාධ කරුණාතිලක , මීගමුව MOH කාර්‍යාලයේ වෛද්‍ය රිස්පාන් යන මහත්වරුද,
*පොලිස් අධිකාරි 1- නාලක සේනානායක .
*පො.අ. 11- පාලිත අමරතුංග .

  • පො. අ.111 -එරික් පෙරේරා ඇතුළු සියළු ස්ථානාධිපති වරුද මෙම වැඩසටහන සඳහා දායකවී ඇත . එසේම මෙදින 100කට අධික පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සංඛ්‍යාව 350ක් පමණවූ බව ජයසම්පත් මහතා අප සමග පැවසීය .

    සැම්සන් ඥානසිරි
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article