spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මන්නාරම් රදගුරු නිවසේ සේවය කළ කටුනේරියේ පෙදරේරුවෙකුටත් කොරෝනා ..?

Must read

bishop-house-web-825x412මන්නාරම රදගුරු නිල නිවාසයේ අයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අද (09දා) දින තහවුරු වීමත් සමග රදගුරු නිවසින් කිසිවෙකුටත් පිටවීම හා ඇතුල්වීම නවතා දමා ඇති බව මන්නාරම පොලීසිය පවසන බව ada.lk වෙබ් අඩවිය සදහන් කර තිබේ

වැඩිදුරටත් එහි සදහන් වන්නේ කටුනේරිය ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙකුට මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති අතර ඔහුට පැවති උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මන්නාරම රෝහලෙන් පසුගිය 07 වනදා ප්‍රතිකාර ලබා එහිදී පී.සී.ආර්. පරික්ෂණයකටද මුහුණ දී රෝහලෙන් පිටව ගොස් ඇති බවය

එහිදී සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණය යාපනය ශික්ෂණ රෝහලේදී සිදු කොට ඇති අතර එම වාර්තාවේදී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මේ වන විට අදාළ පුද්ලයා ඇසුරු කරන ලද සියලු පිරිස හඳුනාගනිමින් සිටින බවටත් මන්නාරම රදගුරු නිවසේ සිටි පියතුමන්ලා ඇතුලු සියලු පිරිස් නිරෝධායනයට ලක් කරමින් පී.සී.ආර්. පරික්ෂණය සඳහා යොමු කොට ඇති බවටද මන්නාරම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.
මේ අතර මේ පුද්ගලයා පසුගිය දිනවල ගැවසුන ස්ථාන ගැනද වසා දැමිම ගැනද අදාල සෞඛ්‍ය බලධාරින් විසින් අවධානය යොමුකර ඇතැයි වාර්ථාවේ,මේ අනුව මන්නාරම් මත්‍යස්‍ය අලෙවි සැලද මේ අතර වෙයි.
එමෙන්ම මන්නරාම් යාපනය බස් රථයද මේ වන විට ධාවනයෙන් ඉවත් කිරිමට අදාල බලධාරින් කටයුතු කරමින් සිටි බවද වාර්ථාවේ
මුලාශ්‍රය-ada.lk
ඡායා- අරුණ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article