spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මනෝහාරී ගේ ‘පෙම්බරා’ 03දා සමාජගත වෙයි

Must read

ලේඛිකාවක මාධ්‍යවේදිනියක සහ වාර්ථා වැඩසටහන් ටෙලිනාට්‍ය අධක්‍ෂවරියක වන මනෝහාරී හේවාවසම් ගේ දෙවැනි නවකථාව පෙම්බරා එලැඹෙන සැප්තැම්බර් මස 03 වැනිදා කොළඹ 07 පුස්තකාලසේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී සවස 3.00ට ජනගත කිරීමට නියමිතය.

මනෝහාරී විසින් 2003දී මාලිනී ෆොන්සේකාගේ ජීවිත කථාව ඇසුරින් මාලිනී අභිණය පෙළහර නම් කෘතිය සහ ඇහැළමලී නවකථාව 2011දී රචනාකරන ලදී.

ඇහැළමලී ස්වර්ණපුස්තක සාහිත්‍ය උළෙලේ අවසන් පොත් දොළහ අතරට තේරිපත්විය.

පෙම්බරා මනෝහාරීගේ දෙවන නවකථාවයි. සැප්තැම්බර් 03දින උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය. මූලාසනය ප‍්‍රවීණ ලේඛිකා සුමිත‍්‍රා රාහුබද්ධ විසින් හොඹවනු ලබයි. ප‍්‍රවීණ ලේඛකයන් හා විචාරකයන් වූ උපුල් ශාන්ත සන්නස්ගල හා මොහාන් රාජ් මඩවල ප‍්‍රධාන දේශන පවත්වනු ලබයි.

පෙම්බරා තාරුණ්‍යයේ ආදරය තේමාකරගත් නවකථාවකි.

ඇහැළමලී නවකථාවට වඩා වෙසෙසින්ම වෙනත් මානයක නවකථාවක් වූ පෙම්බරා මව්බිම මුල්පුවත්පතේ සඳඑළිය අතිරේකයට ලියන ලද මහිමගේ කථාව ඇසුරින් ලියන ලද නවකථාවකි.

පෙම්බරා ජනගතකිරීම සංවිධානය කරණු ලබන්නේ මිරර් ආර්ටස් වෙබ්පුවත්පත මගිනි.

උත්සවය මෙහෙයවනු ලබන්නේ රසාදරී පීරිස් විසිනි.පෙම්බරා සංහිද ප්‍රකාශණයකි.

srilankamirror
24 August 2015

Sisira Wijesinghe's photo.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article