spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

Samsung සමාගමෙන් අලුත් තාලයට ගැලපෙන flip phone එකක්

Must read

Samsung සමාගම ගැන කතාකරද්දී වසරක් තුල ඔවුන් එළිදක්වන දුරකථන ප්‍රමාණය බොහොමයි. ඔවුන්ගේ ප්‍රධානම දුරකථන මාදිලි වන Galaxy සහ Note මාදිලි වලට අමතරව තවත් බොහෝ දුරකථන ඔවුන් වෙළඳ පොළට හඳුන්වා දෙනවා. මේ විදියට හඳුන්වලා දෙන ගොඩක් දුරකථන Touchscreen වර්ගයට අයත් බොත්තම් රහිත දුරකතනයි. නමුත් වසර දහයකට පමණ පෙර තත්වය නම් මීට වඩා හාත්පසින්ම වෙනස් වුණා. ඕගොල්ලෝ පුංචි කාලේ තිබ්බ දුරකථන ගැන මතක් කරලා බලනකොට පියන් දෙකක් සහිත අරින වහන ෆ්ලිප් ( flip ) වර්ගයේ දුරකථන ගැන මතක වෙනවා ඇති. මේ දුරකථන කාලයකට ඉහත දී ගොඩක් ජනප්‍රිය වුණේ දුරකථන ඇමතුම ලබාගන්නත් අවසන් කරන්නත් දුරකතනයේ පියන විවෘත කිරීමට හා වැසීමට හැකි නිසයි. කාලයත් එක්ක මෙවැනි දුරකථන නිෂ්පාදනය නතර වුනා.

ඒත් samsung සමාගම දැන් සුදානම් වන්නේ මේ වර්ගයේ අලුත්ම දුරකතනයක් එළිදැක්විමටයි.(Samsung SM-G9198) මෙගාපික්සල් 16ක කැමාරාවක් සහිත Qualcomm Snapdragon 808 වර්ගයේ ප්‍රොසෙසරයක් අඩංගු නව දුරකතනයක් ඔවුන් අතින් නිර්මාණය කෙරෙනවා. මේ දුරකතනයේ Super AMOLED වර්ගයේ තිර දෙකක් අන්තර්ගත වන අතර 16GB දත්ත ගබඩා කිරීමේ පහසුකම ද පවතිනවා. ඒවගේම මෙමරි කාඩ් භාවිතා කිරීමේ හැකියාව ද පවතිනවා. 2,020mAh බැටරියකින් මෙය පණගැන්වෙනවා.

 

මේ දුරකථනය චීනයේ දී අලෙවි කිරීම සඳහා මේ වන විට සැලසුම් කර තිබෙන අතර මේ සඳහා ලබා දී ඇති කේතය වන්නේ G9198. මෙය හඳුන්වන චීන නම අපිට නොබෝ දිනකින් දැනගැනීමට ලැබෙයි. මෙය ආසියාවෙන් පිටත අලෙවි වීම සිදුකෙරේ දැයි නිශ්චිතව පැවසීමට අපහසුයි.

මේ අතර ආරංචි වෙන විදියට ජපානයේ flip දුරකථන අලෙවිය පෙරට වඩා ඉහල යමින් පවතින බවත් දැනගන්න ලැබෙනවා.

උපුටාගැනීම www.sira.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article