spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

”මම ගොඩ ගියේ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා නිසයි”- රංජන් ජනමාධ්‍යයට ප්‍රසිද්ධියේ කියයි!

Must read

R ramanayakeදුමින්ද සිල්වා පුද්ගලික රෝහලකට ඇතුළත් කිරීමේ උත්සාහය ගැන පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීම හේතුවෙන් අද හිරු ආයතනය මට ප්‍රතිචාර දැක්වීමට නොදී දිගින් දිගටම මට පහර දෙමින් සිටියි. මේ ගැන පැමිණිලි කරන්න මට තැනක් නොමැත.
ඒ නිසා මේ ජනතාවට අයිති සංඛ්‍යාත මෙම නාළිකාවලට ලබා දෙන විට ලබා දෙන කොන්දේසි ගැන මම අද තොරතුරු පනත හරහා ඉල්ලා සිටියා.……..
නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක මහතා සිය මුහුණු පොතේ මෙසේ සටහන් තබා තිබුණේ ඊයේ දිනයේ ජනමාධ්‍ය ආමත්‍යංශයට ගොස් තොරතුරු දැනගැනිමේ පණත යටතේ එහි නිළධාරින්ගෙන් නාලිකා ලබාදිමේදි ඇති කොන්දේසි පිළිබදව තොරතුරු තමාට ලබාදෙන ලෙස ඉල්ලමිනි.
ඉන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ තමන්ට ඇතැම් නාලිකාවලින් එකදිගට ගහද්දි තමන් ගොඩගියේ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා නිසා බවයි.
සිය අදහස් ජනතාව අතරට ගෙනයාමේදි සමාජ මාධ්‍ය ජාලා උපරිම අයුරින් භාවිතා කිරිමේදි මේ රටේ වඩාත් ඉදිරියෙන්ම සිටින පුද්ගලයා වන්නේ ද නියෝජ්‍ය ඇමති රංජන් රාමනායකය.
සිය මුහුණු පොතේ පමණක් 633711 කට ආසන්න පුද්ගල සබදතා මේ වන විට ගොනුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article