spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රාජපක්ෂ උද්‍යානයේ ඇවිදින මංතිරුවේ ගාස්තුව කොමසාරිස් රු 1000කින් වැඩිකරලා !

Must read

මුදළිදු රාජපක්ෂ විසින් උද්‍යානය මීගමුව ජනතාවට ලබා දි තිබුණි.
මුදළිදු රාජපක්ෂ විසින් උද්‍යානය මීගමුව ජනතාවට ලබා දි තිබුණි.
රාජපක්ෂ උද්‍යානය විවෘත කිරීම
රාජපක්ෂ උද්‍යානය විවෘත කිරීම

මීගමුව රජපක්ෂ උද්‍යානයේ ඇවිදින මංතිරුවේ ගාස්තුව 2017 වසර සදහා රු 1000කින් වැඩිකර ඇතැයි වාර්ථා වේ.
මේ සම්බන්ධයෙන් මීපුර වෙබ් අඩවියට අදහස් දක්වමින් එය ප්‍රයෝජනයට ගන්නා මීගමුවේ බදුගෙවන්නෙකු කියා සිටියේ මෙය ඉතාමත් ආසාධාරණ වැඩිකිරිමක් බවයි.
2016 වසර සදහා වු රු 1250 ක මුදල් දැන් රු 2250 ක් කර ඇතැයි ඔහු කියා සිටියේය.
රාජපක්ෂ උද්‍යානයට අයත් අක්කර  6 ක පමණ ප්‍රමාණය මුදළිදු රාජපක්ෂ විසින් මීගමුව් ජනයා හට ලබාදි ඇත්තේ එක් කොන්දේසික් පදනම් කොට ගෙනය .එනම් කිසිදු හේතුවක් නිසා මෙම උද්‍යානය සදහා ජනතාවගෙන් මුදල් අයනොකළ යුතුය යනුවෙනි.

රාජපක්ෂ පාක් යන නම පවා වෙනස්කරමින් ඇමති නිමල් ලංසා කටයුතු කිරිම
රාජපක්ෂ පාක් යන නම පවා වෙනස්කරමින් ඇමති නිමල් ලංසා කටයුතු කිරිම

Rpark
එහෙත් නිමල් ලංසා ප්‍රමුඛ නඩය විසින් කිසිදු ලැජ්ජාවකින් තොරව මෙ ගිවිසුම් අතුරදහන් කොට ගෙන කොම්පැනි වලට පවා උද්‍යානය බදුදෙන්නට තරම් නීචයන් විය.
දැන් තත්වය තවත් බරපතල වෙමින් නාගරික කොමසාරිස්ගේ රථගායට එහා ගිය income මේනියාව විසින් මීගමුවේ බදුගෙවන ජනයා සූරාකන්නට පටන් ගෙන තිබේ.
නගරයේ බදුගෙවන ජනයා වෙත ඉටුකළ යුතු මුලික සේවා පහසුකම් තිබෙන්නේ හම්බකිරිමට නොවන බව අපට මේ කොමසාරිස් පාලනය වෙත යළිත් අවධාරණය කරන්නට දැන් සිදුව තිබේ.
මෙය යහපාලනයදැයි අප විසින් මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත මහතාගෙන් ප්‍රශ්ණ කළ අවස්ථාවේ ඔහු කියා සිටියේ යහපාලනය එරෙහිව යන්නට කිසිවෙකුටත් නොහැකි බවත් ඔහු වහාම මේ ගැන කොමසාරිස්වරයාගෙන් විමසා සිටින බවත්ය.
එමෙන්ම අප මේ සම්බන්ධයෙන් බදුගෙවන්නන්ගේ සංගමයේ නිළධාරි මහතෙකුගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ මේ සාකච්ජා කිරිම සදහා තම සංගමය නාගරික කොමසාරිස්වරයා හමුවිමට අදහස් කරන බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article