spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මරදානේ භූතාත්මය

Must read

DSC_0855මීගමුව   දළුපත   මරදාන  නම්වූ  ප්‍රදේශයේ   තරුණ  පිරිසක්   විසින් සංවිධානය  කරනලද  වීදි  නාට්‍යක්  මෙම  මස  23දා  රාත්‍රි  8.00ට  සුමේධ
මහතාගේ  නිවස  අසලදී   ප්‍රදර්ශනය  කරන  ලදී. එහි  නම  වූයේ  පියපුතු සෙනෙහස  නොහොත්  භූතාත්මය  යනුවෙනි.  මෙම    තරුණ  පිරිස  යම්
අවබෝධයකින්  සහ  හැගීමකින්  මෙය  සංවිධානය  කර  තිබින.   300කට  වැඩි පිරිසක්  සහභාගීවූ  මෙම  සංස්කෘතික  කටයුත්තේදී   පොල්තෙල්  පහණ  දැල් වූයේද  මෙම  තරුණ  පිරිස  අතරම  සිටින  වැදගත්  මහත්ම  මහත්මීන්   කිහිප දෙනෙකි.

නාට්‍ය  ආරම්භ  කිරීමට  පෙර  මෙම  නාට්‍ය  කණ්ඩායම  විසින්  ඉදිරිපත් කරනලද   ඉතා  රසවත්   ගීත  කිහිපයක්     සහ  විශේෂ   කලා  කරුවෙකු
විසින්  ඉදිරිපත්  කරනලද   ඇග  කිළිපොලා   යන  දර්ශන  කිහිපයකුත්  නිසා මෙම   වැඩසටහනට  එමගින්   ආලෝකයක්  ලැබින.  නාට්‍ය  ආරම්භවූයේ  රාත්‍රි 10.00ට  පමණය.  නාට්‍යද   මිනිසුන්   හිනා  ගස්සන  විනෝදාත්මක  එකක්වූ අතර  එහි යම්  ආදර්ශයක්ද  ගැබ්වී  තිබින.

මෙය   වෙනත්   අයට  ආදර්ශයක්   ගතහැක්කකි.  මන්ද  අද  සිදුවන්නේ   කොහේ හෝ  තැනක්  තෝරාගෙන   සංගීත  සංදර්ශනයක්  යැයි  කියමින්  මහ  රාත්‍රියේඅවට  සිටින  ජනයාටද   කරදරවන  අන්දමින්  කරන  සංගීත  සැන්දෑවල්ය.  මේවායේ  විශාල   බපල්ස්  නිසා  කිසිවෙකුට  ඒවා  අසාසිටිය  නොහැක.  ඇසෙන්නේ   එකම  ගාලගෝට්ටියකි.  මාස  2,3   කිරි  දරුවන්  මරහඩ  දී  හඩන  නිසා  ඔවුන්  මේ  හඩ  නැති  කොහේ  හෝ තැනකට රැගෙන  යායුතුය.  මෙය  සිදුවී  ඇති අත්දැකීමක  සටහනකි.

නමුත්  ඉහතකී  කලා  කටයුත්ත  කිසිවෙකුට  කරදරයක්  නැති  පැමිණ  සිටි පිරිසට  විනෝදය  සහ  අවබෝධයක්ද   ලබාදුන්  අවස්ථාවක්  විය.  මේ  අර්ථයෙන්  අපි  මෙම  සංස්කෘතිකාංගය  අගයකරන  අතර  ඉදිරියටත්   මෙවැනි  දෑ  මීටත්  වඩා  හොදින්  කිරීමට  හැකියාව  ලැබේවායැයි  පතන්නෙමු.


සැම්සන් ඥාානසිරි
DSC_0892 DSC_0915 DSC_0909 DSC_0887

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article