spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මල්ලි දිනවිම සදහා ලංසාගෙන් ස්වාධින කණ්ඩායම් 3 ක් !

Must read

nimal dayan

ලංසා පවුලට දේශපාලනය අවැසි වන්නේ සිය ජාවාරම් ටික දිගටම කරගෙන යාම සදහා පමණි.ඒ වෙනුවෙන් කක්ක බෙට්ටක රැදි පොල් කෑල්ලක් වුව කටින් ගැනිමට ඔහු කටයුතු කරනු ඇත.⁣ජනවාරි 08වෙනිදා ට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතාමත් නින්දිත ආකාරයෙන් බැනවැදුන නිමල් ලංසා ජනාධිපතිවරණයෙන් පසු කිසිදු ලැජ්ජාවක් නැතිව මෛත්‍රීපාල සිරිසේනගේ ජායාරූපයක් යොදා අපේ සභාපතිට සුබපැතුම් යැයි කියා මිගමුව පුරා පොස්ටර් ගැසුවේය.එතනින් නොනැවති කිසිදු ලැජ්ජාවකින් තොරව මෛත්‍රී පසුපස ගොස් අන්තිමෙට නැවතුනේ අැමතිකමක්ද අරගෙනය.මෛත්‍රීපාල සිරිසේනලාගේ පාර්ශවයටද ලංසා වැනි අයෙකු ලංකරගැනිමට ලැජ්ජාවක් නොමැතිවිම තවත් කරුණකි.කෙසේ වෙතත් ලංසා පවුලට ලැජ්ජාවක් නැති බව ගැන පමණක් නොව ලංසලා තරම් අවස්වාදි දේශපාලකයන් ගැනද අපි නම් අසා නැත්තෙමු.ලංසාට දේශාපාලනයට ඒමට උදව් කළ ජෙයරාජ්ප්‍රනාන්දුපුල්ලේ මහතාව රාජපක්ෂලාගේ දේශපාලනය වෙනුවෙන් බිලිගැනිමෙන් පසු ලංසා ගත්තේ ජෙයරාජ්ප්‍රනාන්දුපුල්ලේගේ පැත්ත නොව දේශපාලන පැත්ත නොව බැසිල් රාජපක්ෂලාගේ පැත්තය.
මේ සියලු ජඩකම් මත ලංසාලට අවැසි වන්නේ සිය කළු සල්ලි ජාවාරම කර ගෙන යැමට යලිත් බලය අතට ගැනිමටය.නේ
තවත් නිශ්චිත කොට කියන්නේ නම් සිය පියාගේ ආශාවන් පිණවිම වෙනුවෙන් නගරයක් බිල්ලට දිමටය.

ඒ වෙනුවෙන් දැන් ලංසා රු කෝටි ගණනින් මුදල් විසි කිරිමට පටන් ගෙනය
තැන තැන ඡන්ද කැඩිම සදහා දැන් ඔහු විසින් ස්වාධීන කණ්ඩායම් කිපයක්ම අටවා තිබේ.
දමිල ජාතිකයන් පිරිසකින් මේ එක් ස්වාධින කණ්ඩායමක් සමන්විතය.
අනෙක් ස්වාධින කණ්ඩායම මුස්ලිම් ජාතිකයන් බහුතරයකින් සමන්විතවේ.
මහින්ද රාජපක්ෂට නොලැබෙන ඇතැම් සිංහල ජාතිකයන්ගේ ඡන්ද ඉල්ලකරගෙන සිංහල ජාතිකයන්ගෙන් සමන්විතය.nimal sunil
මෙහි නායකත්වය දරන්නේ වරක් නිමල් ලංසා විසින් සිය නිවාස බිද දමා රත්රන් බඩු හොරකම් කළායැයි කියන හිටපු එජාප නාගරික මන්ත්‍රිවරයෙකු වන සුනිල් සිල්වාය.
නිමල් ලංසාගේ භිෂණයට  නිසා මානසික කම්පන තත්වයකට පත්ව සිටි සිය පුතුන්  දෙදෙනාගෙන් එක් අයෙකුව ලංසා සහ සුනිල් සිල්වා විසින් පොහොට්ටුවේ ලයිස්තුවට යොදා ඇතැයිද වාර්ථා වේ.

නිමල් ලංසා විසින් මේ සියල්ල සැලසුම් කරනනේ අරමුණු 2 කක් වෙනුවෙනි.
ඉන් එකක් වන්නේ සිය සහෝදරයාව නගරාධිපති පුටුවේ ඉන්දවිමටය.එහෙත් ඔහු බැසිල් ඇතුළු පොහොට්ටුවට පෙන්වන්නට හදන්නේ මේ ස්වාධින කණ්ඩායම් මගින් එජාප ජන්ද කැඩිමට තමන් විසින් මාර වැඩක් කරගෙන යනවා යැයි කියාය.
ලංස⁣ලාට පලාත් ඇමතිධුර 12 ක්ද රාජපක්ෂලා⁣ට නගර සභා බලයද කැබිනට්ටුවේ ඇමතිධුරයක්ද තිබියදි ලංසාලා රු කෝටි ගණනින් සල්ලි විසිකරමින් බඩු බෙදුවද මිගමුවේ ජනතාව මේ සියල්ලට පැහැදිලි ලෙස අභියෝග කරමින් ලංසා පවුල සහ රාජපක්ෂලාව තිරාණාත්මක ලෙස පසුගිය මැතිවරණයේදි පරාජයට පත්කලේ වැඩි ජන්ද 310000කිනි.
එබැවින් ලංසාලාගේ මේ ස්වාධීන කණ්ඩායම් ලයිස්තු උගුල තිරාණාත්මක ලෙස පරාජය කලයුතුව තිබේ.
පවුලක උවමනාවක් ඉටුකිරිමට සදහා  නගරයක් යළිත් බිළි දිය යුතුදැයි මීගමුවේ බුද්ධිමත් ජනතාව බරපතල ලෙසින් කල්පනා කළ යුතුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article