spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

01වනදා දෙවැනි ගමන ගිය එලීසා 03වනදා නොඑන ගමන් යයි.

Must read

accident

ඊයේ(03) සවස මීගමුව දිවුලපිටිය මාර්ගයේ කඩවල බටේපොල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් 29 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇත. නමින් එලීසා දෙව්දිනී පෙරේරා යන ඇයගේ විවාහ මංගල්‍ය යෙදී තිබී ඇත්තේ පසුගිය දෙසැම්බර් 24 වනදාටයි. විවාහයෙන් පසු දෙවන ගමන ජනවාරි 01 වනදාට යෙදී ඇති අතර එදින තම සැමියාගේ නිවසට පැමිණි එලීසා නැවතත් පසුදින තම කෑගල්ලේ පිහිටි නිවසේ දිනයක් ගත කිරීමට සැමියා සමග ගොස් ඇත. එහි ගොස් නැවත එන ගමනේදී ඔවුන් ගමන්ගත් රථය මෙම අවාසනාවන්ත රිය අනතුර ගොදුරුව ඇත.

රිය අනතුරෙන් බරපතල තුවාල ලැබූ බිරිද රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති අතර රථය පදවාගෙන ආ සැමියාගේද තත්වය බරපතල බව පොලීසිය පවසයි.තරුණිය මිය ගොස් ඇත්තේ අනතුරින් මොළයට සිදුවූ දැඩි හානිය නිසා බව මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇති අතර මෙම අනතුර සිදුව අත්තේ මෙම යුවල ගමන්ගත් මෝටර්රථයට පිටුපසින් පැමිණි තවත් රථයක් මෙම රථය පසුකර යාමට උත්සහ කිරීමේදී යුවල ගමන්ගත් රථයේ ගැටීමෙනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article