spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහඡන්දෙට හමුදාව සීරුවෙන් ! මීගමුවටත් STF එක …..

Must read

හමුදාවමහ මැතිවරණ දිනයේ හෝ පසුව නීතිය හා සාමය සුරැකීම සඳහා අවශ්‍යතාවක් වුවහොත් පොලිසියේ ඉල්ලීම මත ඔවුනට සහායවීම සඳහා යුද හමුදා භට කණ්ඩායම් සූදානමේ තබා ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවැසීය.

එම භට පිරිස් කොළඹ සහ පිට පළාත්වල පිහිටි හමුදා කඳවුරුවල සූදානමේ සිටින බවද ඔහු සඳහන් කළේය.

පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා සඳහන් කෙළේ වෙනත් මැතිවරණවලදී මෙන්ම පොලිසියට අවශ්‍ය වුවහොත් හමුදා සහාය ලබාගන්නා බවයි. ඒ පිළිබඳ හමුදා ප්‍රධානීන් සමඟ සාකච්ඡා කොට ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ මැතිවරණය ඉතා පිරිසුදුයි

කෙසේවුවද, ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ දී පැවැති ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය ඉතාම පිරිසිදු එකක් බව පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම අවධාරණය කරති.

එම මැතිවරණය සඳහා මේ දක්වා කාලයේ සියලු පාර්ශ්වයන් අගයන වාතාවරණයක් නිර්මාණය වී තිබෙන අතර ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොර නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් අවශ්‍ය පරිසරය දක්නට ලැබෙන බවද එළැඹෙන 17 දා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය නිවැරැදි දිශානතියට ගමන් කරමින් සිටින බවද පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානී සහ මෝල්ටා රාජ්‍යයේ හිටපු ජනාධිපති ආචාර්ය ජෝර්ජ් අබේලා මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සදහන් කළේ කොළඹ දී ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
මේ අතර මීගමුව නගරයේ ආරක්ෂාව සදහා විශේෂ කාර්ය බලකායද කැදවා ඇතැයි වාර්ථා වේ.
www.sinhala.srilankamirror.com ඇසුරෙනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article